මෙසේ සුරේන්ද්‍ර සොයාගෙන හිමිදිරි උදෑසනකය පැමිණි ඈ රත්නපුර ප්‍රදේශයේ තරුණියක් බවද වාර්තා වේ.
ඇගේ අතේ ඇඳුම් බෑගයක් ද තිබූ බවත්, පයේ පාවහන් යුවලක් හෝ නොතිබූ බවත් පැවසේ.සිද්ධියෙන් සුරේන්ද්‍රගේ මව තිගැස්සුන බවද වාර්තා වන අතර මෙසේ සුරේන්ද්‍ර සොයාගෙන ආ ඈ සුරේන්ද්‍රට ආදරය කරන රසිකාවියක් බවද වාර්තා වේ.අවසානයේ ඇය යළිත් ගෙදර යැවීමට සුරේන්ද්‍රට හා මවට නොවඳිනා වැදුම් වැඳීමට සිදුවූ බවද පැවසේ.
මේ අතර සුරේන්ද්‍රගේ හොඳම මිතුරෙකු විසින් කල පහරදීමක් හේතුවෙන් සුරේන්ද්‍ර රෝහල්ගත කිරීමේ සිද්ධියක්ද පසුගිය කාලයේදී වාර්තා විය.එම මිතුරා ඉතාලියේ රැකියාවක නිරතව සිටින්නෙකු බවද වාර්තා වූ අතර ඔහුගේ පෙම්වතිය හා සුරේන්ද්‍ර අතර ගනුදෙනුවක් හේතුවෙන් එම මිතුරා හදිසියේ ලංකාවට පැමිණ මෙම පහරදීම සිදුකර ඇති බව ද වාර්තා විය.කෙසේවුවද සුරේන්ද්‍ර පෙරේරා එවැනි සිද්ධියක් සිදු නොවූ බවද පසුව මාධ්‍යට පවසා තිබිණි.