අයෝමි මෙලෙස රහසේ විවාහ වී ඇත්තේ 2009 ජුනි 02 වැනිදාය. කෙසේවුවද මේ වන විට මේ යුවල තරමක් දුරස්වී සිටින බවද වාර්තා වේ. අයෝමි මේ වන විට සීමාවාසික වෛද්‍යවරියක් ලෙස බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහල සහ නාවින්න ආයුර්වේද රෝහලේ සේවා කටයුතුවල නියැලෙන බවද පැවසේ.
කෙසේවවුද ඈ සහකරුවෙක් හොයාගැනීමට අවශ්‍ය බවත්, ආදරය කරන කෙනා සහ සහකරු එකම කෙනෙක් විය යුතු බවත් මාධ්‍යට හෙළිකර තිබිණි.
මේ දිනවල විකාශය වන‘‘ජීවිතය ලස්සනයි” ටෙලි නාට්‍යයේ ‘‘සුදු නංගී” නම් චරිතය ඔස්සේ ”පිනි අග පුළිඟු” සහ ”සිහින පුරය” යන ටෙලි නාට්‍යය ඔස්සේ ද චරිත මවන අයෝමි ”බහිරව කන්ද” ටෙලිනාට්‍යයේ චරිතයක් සඳහාද දායකවී අතැයි පැවසේ.
එසේම ‘‘රජ වත්ත” හා ”කෝරළේ මහත්තයා” දෙවැනි කොටස සඳහාද රංගනයෙන් දායකවීමට බලා පොරොත්තුවෙන් සිටින බවද වාර්තා වේ.