පෙම්වතාට නදීෂාගේ රගපෑම අරහංලු
එත් නිරූපනයෙන් ඉවත් නෑ.
අමන්දා ටෙලිනාට්‍යයේ දගකාර කැතීගේ චරිතය හරහා රංගනයට එක්වූ නදීෂා යාපාගේ ගේ රගපෑම් අවසන්කර දමන්නට තීරණය වී ඇතැයි වාර්තා වේ.
මෙම තීරණයට හේතුවී ඇත්තේ ඇගේ පෙම්වතාට නදීෂාගේ රගපෑම අරහංවීම නිසා බවද පැවසේ.මේ අනුව නදීෂා විවාහයට පෙරම රගපෑමෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
නදීෂා රගපෑමට එක්වී ඇත්තේ ජනපි‍්‍රයත්වය හෝ මුදල් ඉලක්ක කර නොගෙන බවද පැවසෙන අතර ඇය රගපෑමට එක්වී ඇත්තේ ඇයට කුඩා කළ සිට තිබූ ආශාවක් සංසඳවා ගැනීමට බවද පැවසේ.
ලෙබනන් – බේරූට් හි උපත ලද නදීෂා ලංකාවට පැමිණ ඇත්තේ ඇයට අවුරුදු 15 දී බවද වාර්තා වේ.නදීෂා රංගනයෙන් ඉවත්වුවද නිරූපනයෙන් ඉවත් නොවන බව ද පැවසේ.