Ads 468x60px

.

සුප්‍රසිද්ධ වංගු 18 පාරේ වැඩ අවසන් - විවෘත කිරීම ලබන වෙසක්‌ සමයේ


විවෘත කිරීම ජනපති අතින්

ප්‍රසිද්ධ වංගු 18 සහිත උඩදුම්බර - මිනිපේ සංවර්ධිත මහා මාර්ගය ලබන වෙසක්‌ සමයේ විවෘත කිරීමට සැලසුම් කර ඇති අතර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයෙන් මහාමාර්ගය විවෘත කිරීමට සැලසුම් කර ඇති බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි.

වංගු 18 පුළුල් කර ආරක්‍ෂා සහිතව ඉදිකරන ලද මහා මාර්ගය තෙල්දෙණිය මොරගහමුල සිට මිනිපේ පාලම හංදිය දක්‌වා කිලෝමීටර් 42 ක දුර ප්‍රමාණයෙන් යුක්‌ත වෙයි.හුන්නස්‌ගිරිය වංගු 18 න් අංක 03 දරන වංගුව සංවර්ධනය කර ඇති අයුරු සහ සංවර්ධනයට පෙර තත්වයත් පිංතූරවලින් දිස්‌වෙයි.
 
Related Posts with Thumbnails