Ads 468x60px

.

ගෑනු නාන ලිං අසල ගැවසෙන ගෙවලයෙක් නිසා කුරුණෑගල රජපිහිල්ල මාවතේ පදිංචිකරුවන් අපහසුතාවන්ට මුහුණ දෙති

කුරුණෑගල ගෑනු නාන ලිං අසල ගැවසෙන ගෙවලයෙක් පිළිබඳව මිට පෙර පුවත්පත් වලද තොරතුරු පළ කෙරුණු බව පාඨක ඔබට මතක ඇති. මෙම පුද්ගලයා නිසා නිසා ප්‍රදේශවාසීහු අපහසුවට පත් වී සිටිති. 

කුරුණෑගල රජපිහිල්ල මාවතේ නිවස කීපයකට පොදු ලිඳක් තිබේ. මෙම ලිඳේ වනිතාවන් නාන විට විශ්‍රාමික ගෙවලයෙක් වරින් වර පාරේ ඒ මේ අත යමින් නාන බවලතුන් දෙස බලාගෙන සිටින බව ප්‍රදේශවාසීහු පවසති. 


මෙම පුද්ගලයා සමහර විට වාහනයක පැමිණ වාහනය ලිඳ පේන තෙක් මානයේ නවත්වා හොර රහසේ ඇස් දල්වාගෙන නාන ගැහැණු දෙස බලා සිටියි. මොහු ජාතික ශිෂ්‍යභට බලකායේ හිටපු කර්නල්වරයෙකු බව කුරුණෑගල රජපිහිල්ල මාවතේ අනුර බණ්ඩාර මහතා පවසයි. 

මෙම ගෙවලයා ගේ නම පී .සී. රත්නමළලය. ඔහුද කුරුණෑගල පදිංචිකරුවෙකි. කලක් මොහු කුරුණෑගල සෙලින්කෝ සසෙක්ස් පාසලේද උගන්වා තිබේ. වෘත්තියෙන් පී ටී අයි හෙවත් සරඹ ගුරුවරයෙකු බව කියන පී .සී. රත්නමළල ගෑනු නාන ලිං අසල ගැවසීම නිසා අනුර බණ්ඩාර මහතාගේ සොහොයුරෙකු ඔහුට තරයේ අවවාද කොට තිබේ. 

එවිට මෙම පුද්ගලයා තමා කර්නල් පී .සී. රත්නමළල බවත් කුරුණෑගල පොලිසියේ ලොකු ලොක්කන් තමන්ගේ හිතවතුන් බව කියා බණ්ඩාර මහතාට තර්ජනය කොට ඇත.  කුරුණෑගල පොලිසියේ එක් නිලධාරී  මහතෙකු ප්‍රකාශ කල පරිදි මෙම පුද්ගලයා යුද හමුදාවේ සේවය කොට නැත. එය අසත්‍යකි.  

ඔහු ශිෂ්‍ය භටයන් පුහුණු කරන අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අයත් ආයතනයක හිටපු පුහුනුකරුවෙකි. මෙම පුද්ගලයා ව්‍යාජ ලෙස පුර්ණ භුමි වැනි හමුදා සන්නාම පැළඳ සිටින බවත් අනුරාධපුරයෙන් එහාට සේවා කාලය තුල පා නොතබා ඇති අයෙකු බවයි පැවසෙන්නේ. 

මේ පුද්ගලයා පිළිබඳව දැනට කුරුණෑගල මලියදේව විදුහලේ කැඩෙට් විෂය භාර ආචාර්ය ජයලත් මහතාවද දැනුවත් කොට ඇති අතර මොහු මිට පෙර ළමා අපයෝජන වලට සම්බන්ධ වී ඇතිදැයි ළමා ආරක්ෂණ නිලධාරීන් පරික්ෂා කරති.
 
Related Posts with Thumbnails