Ads 468x60px

.

ෆේස් බුක් ගිණුම්වලට‍ ඇතුළු වීම ගැන පැමිණිලි 800 ක්

එක් එක් පුද්ගලයින්ගේ නම් සහ ඡායාරූප භාවිතා කරමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුම්....

මේ වසරේ ගතවූ කාලය තුළ ෆේස්බුක් වෙබ් අඩවිය සම්බන්ධ පැමිණිලි 800ක් පමණ ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. 

එම සංසදයේ මාධ්‍ය ප්‍රකාශක ලක්ෂාන් සොයිසා මහතා කියා සිටියේ මේ වසරේ ෆේස්බුක් වෙබ් අඩවිය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව වැඩි වී ඇති බවයි. 



විශේෂයෙන් අනවසරයෙන් වෙනත් පුද්ගලයින්ගේ ‍ගිණුම්වලට‍ ඇතුළු වීම සම්බන්ධ පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී ඇති බව ලක්ෂාන් මහතා සඳහන් කරයි. 

ඊට අමතරව එක් එක් පුද්ගලයින්ගේ නම් සහ ඡායාරූප භාවිතා කරමින් නිර්මාණය කරන ලද ව්‍යාජ ෆේස්බුක් ගිණුම් පිළිබඳව ද ‍පැමිණිලි ලැබී ඇති බව සඳහන්ය. 

එම පැමිණිවලට අදාළ ෆේස්බුක් ගිණුම් විශාල සංඛ්‍යාවක් අහෝසි කිරීමට කටයුතු කළ බවද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වැඩිදුරටත් පෙන්වාදෙයි. 
 
Related Posts with Thumbnails