Ads 468x60px

.

ඉන්දුනීසියා භූ චලනයෙන් ඉන්දීය භූ තලයේ තිරස් පැල්මක්


ඉන්දුනීසියාව ආශ්‍රිත සාගර කලාපයේ ඊයේ හටගත් ප්‍රබල භූචලනය ඉන්දීය භූතලය තුළ සිදු වු ප්‍රබල භූ කම්පනයක් බව විද්‍යාඥයෝ පවසති.

බ්‍රිතාන්‍ය භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ විද්‍යාඥ රොගර් මියුසන් පෙන්වා දෙන්නේ, මෙහිදී භූ තලය තිරස් පැල්මකට ලක්ව ඇති බවයි.



එය පසුගිය සමයේ ඉන්දුනීසියාව ආශ්‍රිතව හටගත් බෝහෝ භූ චනයන්ගෙන් වෙනස් වන බව ද මියුසන් පෙන්වා දෙයි.


මෙහිදී පොළව මහාද්වීපික තට්ටු අතරට තල්ලුවීමක් සිදුව ඇති බව ඔහුගේ අදහසයි.


භූ චනයක් මේ අයුරින් සිදුවන අවස්ථාවක සුනාමියක් හටගැනීමට ඇති ඉඩකඩ විරල බව ද විද්‍යාඥවරු පවසති.


ඊට හේතු වශයෙන් ඔවුන් පවසන්නේ, මෙහිදී විශාල ජල කදක් තල්ලුවීමකට ලක් නොවීමයි.


ඊයේ පස්වරුවේ ඉන්දුනීසියාවේ අචේ පළාතට ඔබ්බෙන් සාගරයේ රික්ටර් පරිමානයේ ඒකක 8.6ක ප්‍රබලත්වයක් සහිත භූ චනලයක් සහ ඒකක 8.2ක ප්‍රබල පසුකම්පනයක් මෙන්ම තවත් පසු කම්පන කිහිපයක් සිදු විය.





සුනාමි අනතුරු ඇඟවීමෙන් පසු කොළොඹ  







සුනාමි අනතුරු ඇඟවීමෙන් පසු හලාවත 

















සුනාමි අනතුරු ඇඟවීමෙන් පසු දෙවුන්දර තුඩුව














 
Related Posts with Thumbnails