Ads 468x60px

.

එදා සහ අද දැනුනු වි‍ශේෂත්වය...

මෙම ඡායාරූප දෙකෙහි වි‍ශේෂත්ව කීපයක්...
ඡායාරූප දෙකම එකම කෝණයකින්...

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණ පදවි ප්‍රාප්තව වසර 60 ක් ගතවීම සපිරෙන වජ්‍ර ජයන්ති උත්සවය පසුගිය දා මහත් උත්සවශ්‍රීයෙන් ලන්ඩනයේ දී සැමරිණි.

මහ රැජිණ සිය සැමියා වන පිලිප් කුමරු සමග පෙනී සිටින මෙම ඡායාරූප දෙකෙහි වි‍ශේෂත්වයක් ඇත.


එනම් මෙම පළමු ඡායාරූපය මීට වසර 60 කට පමණ පෙර ලබා ගත් එකක් වන අතර දෙවැනි ඡායාරූපයත් එකම කෝණයකින් ඒ අයුරින්ම ඡායාරූපයට නැගී තිබේ.

රැජිණ සහ කුමරු එකම ඉරියව්වෙන් මෙම ඡායාරූප දෙකෙහිම පෙනී සිටින අතර පසුබිමෙහි දැක්වෙන ගස ද වසර 60 ට පෙර පැවති ගසම වීම සුවිශේෂි කරුණකි.

එමෙන්ම රැජිණ සිය ඇඳුමෙහි පැළඳගෙන සිටින හාරිච්චි කටුව හා මාලය ද ඇය වසර 60 ට පෙර අදාළ ඡායාරූපය සඳහා පැළඳි ආභරණමය.
 
Related Posts with Thumbnails