හමුදා සේවයේදී කැප්ටන් වේල්ස් නමින්...
බි‍්‍රතාන්‍යයේ හැරී කුමරු යුද හෙලිකෝප්ටර් නියමුවකු ලෙස නැවතත් සේවයට එක්වීම සඳහා පසුගියදා ඇෆ්ගනිස්තානයට පැමිණි බව බි‍්‍රතාන්‍ය ආරක්ෂක කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
විසිහත් හැවිරිදි හැරී කුමරුගේ ආන්දෝලනාත්මක ඡායාරූප අන්තර්ජාලයේ සහ පුවත්පත්වල පළවීමෙන් අනතුරුව මතුවූ උණුසුම් වාදවිවාද මැද ඔහු මෙසේ යුද සේවය සඳහා ඇෆ්ගනිස්තානයට පැමිණ සිටී.
හමුදා සේවයේදී කැප්ටන්
වේල්ස් නමින් හැඳින්වෙන හැරී කුමරු දකුණු ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඞ් පළාතේ පිහිටි යුද කඳවුර වෙත පැමිණියේ යුද සේවයෙන් ඉවත්වී සිවු වසරකට පසුවය.
යුද සේවයට එක්වූ හැරී කුමරු සෝදිසි මෙහෙයුම් සහ ගුවන්යානාවලට ආරක්ෂාව සැපයීමේ මෙහෙයුම් සඳහා අනියුක්ත කරන බව බැස්ටියන් කඳවුරේ හමුදා ප‍්‍රකාශකයෙක් පැවැසීය.
බි‍්‍රතාන්‍ය ඔටුන්න හිමි කුමාරවරුන් අතර තෙවැනි ස්ථානයේ පසුවන හැරී කුමරු අවසන් වරට යුද සේවයෙන් ඉවත් වූයේ 2008 වසරේදීය.
මේ අතර යළි ඇෆ්ගනිස්තානයේ හමුදා සේවයට පැමිණ ඇති බ්‍රිතාන්‍යයේ හැරීකුමරු මරා දැමීමේ අදිටනින් පසුවන බව තලේබාන් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. මීට සිවු වසරකට පෙරද හැරී කුමරු ඇෆ්ගනිස්තානයේ සේවය කළ මුත් ආරක්ෂිත හේතු මත ඔහුගේ සේවය කෙටි කලකට සීමා කෙරිණ.
බ්‍රිතාන්‍ය කිරුළේ තෙවැනි හිමිකරු බවට පත්ව සිටින ඔහු ඇෆ්ගනිස්තානයේ දරුණුම සටන් බිමක් වන හෙල්මන්ඩ් පළාතේදි ඝාතනය කිරීමට තලේබානුවන් සතුව ප්‍රබල සැලැස්මක් පැවති බව ඔවුන්ගේ ප්‍රකාශකයෙක් අනාවරණය කර තිබිණ.
‘හෙල්මන්ඩ් පළාතේ මෙහෙයුම් සිදු කරන හැරී කුමරු හා අනෙකුත් බ්‍රිතාන්‍ය බල ඇණි විනාශ කර දැමීමට හැකි හැම දෙයක්ම සිදු කරන්නෙමු’ යැයි ඔහු වැඩිදුරටත් කියා තිබේ.‘ඔහු පැහැර ගෙන යාමේ වැදගත්කමක් නැහැ. ඔහු අපේ ඉලක්කයක්. අප ඔහු මරා දමනවා’ යයිද ප්‍රකාශකයා කියා ඇත.
අපාචි හෙලිකොප්ටර් නියමුවකු වන 27 වියේ පසුවන කුමරා පසුගිය මස ලාස්වේගාස් හිදි නිරුවත්ව සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආන්දෝලනයක් පැවති අතර දැන් ඔහු සිවු මසක කාලයක් සඳහා හෙල්මන්ඩ් හි බැස්ටියන් කඳවුරේ සේවය සඳහා පැමිණ ඇත.
තලේබාන් ප්‍රකාශක සාබි හුල්ලා මුජාහිද් පැවසුවේ තම රටේ සටන් කරනඕනෑම අයෙකු සතුරකු ලෙස සලකන අතර හැරී කුමරුද සතුරකු වන බැවින් හැකි හැමදෙයක්ම සිදුකර ඔහු මරාදමන බවය.