මේනකා ලෙන් පැටවුන් හොයන්න ලොකු ගහකට නැගලා...
අවාසනාවකට ගහට නැග්ගට පස්සේ ඉනිමග පෙරලිලා...
ජනපි‍්‍රය නළු සාරංග දිසා සේකර නාන්න යන විට ජනිප‍්‍රිය නිළියක් වන මේනකා මධුවන්ති ගසක් උඩ සිටීමේ සිද්ධියක් වාර්තා වේ.
මේනකාට මේ අකර තැබ්බය සිදුව ඇත්තේ
සුනෙත් මාලිංග ලොකුහේවා විසින් තිර රචනය ලියා අධ්‍යක්‍ෂණය කරනු ලබන ‘චංචල රේඛා’ ටෙලියේදීය.චංචල රේඛ චිත‍්‍රපටයේ පසු කතාව ලෙස මෙම ටෙලිය නිර්මාරණය වී තිබේ.
එම චිත‍්‍රපටයට අනුව නදීකා ගුණසේකර පණ පෙවූ දන් චූටිගේ දියණියගේ පුතුගේ චරිතයට පණ පොවන්නේ සාරංග දිසාසේකරය. ගාමිණී ෆොන්සේක රගපෑ ‘සිරිසේනගේ දියණිය ලෙස මේනකා මධුවන්ති ‘චංචල රේඛා’ ටෙලියේ චරිත මවති.
එම ටෙලියේ චරිතය අනුව මේනකා රගන්නේ දගකාර චරිතයකි.මේනකා ලෙන් පැටවුන් සෙවීමට ඉනිමගක් තබා විශාල ගසකට නැග ගනී. කෙසේවුවද අවසානාවකට මේනකා ගසට නැගගත් පසුව ඉනිමග පෙරෙළෙයි.
මේ මෙහොතේ ඒ අසලින් නාන්න යන සාරංග දැක මේනකා බිමට බස්සවා ගැනීමට කටයුතු කරයි.මේනකා ගස උඩ සිටින දර්ශයයේ රූපරාමු ඡායාරූපයේ දැක්වේ.චිත‍්‍රපටයේ එන ගාමිණි ෆොන්සේකාගේ චරිතය මෙහිදී නිරූපණය කරන්නේ ජනප‍්‍රිය නළු ගයාන් වික‍්‍රමතිලක විසිනි.
දිනක්ෂි පි‍්‍රයසාද්, නදීකා ගුණසේකර, සාරංග දිසාසේකර, මේනකා මධුවන්ති, මුතු තරංගා, සරත් කොතලාවල, කාවිංග පෙරේරා, ක්ලීටස් මෙන්ඩිස්, නිල්මිණි කෝට්ටේගොඩ සහ ගේ‍්‍රස් ආරියවිමල් යන අය මේ සදහා රංගනයෙන් එක්වෙති.මෙහි අධ්‍යක්ෂණය මෙන්ම තිර පිටපත් රචනයද සිදුකර ඇත්තේ සුනෙත් මාලිංග ලොකුහේවා විසිනි.
කැමරාකරණයෙන් ප‍්‍රභාත් රෝෂන්ද, සංස්කරණයෙන් ශාන් අල්විස් ද, සහය අධ්‍යක්ෂණයෙන් ධනුෂ්ක ජයවර්ධනද, කලා අධ්‍යක්ෂණයෙන් ඇහැලියගොඩ සෝමතිලකද, වේෂ නිරූපණයෙන් තාරක අධිකාරීද මේ සදහා දායකත්වය සපයන අතර ආචාර්ය ජගත් විජේනායක මෙහි නිෂ්පාදන දායකත්වය දරයි.