ඉතිරිව ඇති ප‍්‍රවේශපත්‍ර කිහිපයක් පෙරවරුවේ සිට කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ කවුන්ටරයෙන්...
හෙට දිනයේ කොළඹ දී පැවැත්වෙන 20-20 ලෝක කුසලාන අවසන් තරඟයේ සියලුම ප්‍රවේශ පත්‍ර විකිණි අවසන්ව ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරනවා.
ඊයේ පැවති අවසන් පූර්ව තරඟයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 74 න් පරාජය කරමින් ජයග්‍රහණය තහවුරු කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වීමත් සමඟ ලෝක කුසලාන අවසන් මහා තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ තරඟය වැදීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සුදුසුකම් ලැබුවා.
කෙසේ වෙතත් මීට පෙර
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කියා සිටියේ අවසන් තරඟයේ ප‍්‍රවේශපත්‍ර ඉතිරිව ඇති බවත් ඒවා පෙරවරුවේ සිට කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ කවුන්ටරයෙන් ලබාගත හැකි බවත් ය.