අධ්‍යාපනික ශිෂ්‍යත්වයක් සඳහා විදේශ ගතවන බව කිව්වේ වැරදීමකින්...
තමා විදේශගත වීමට බලාපොරොත්තු වන්නේ අධ්‍යාපන ශිෂ්‍යත්වයක් සඳහා නොව පෞද්ගලික සංචාරයක් සඳහා බව අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත්, මාලක සිල්වා මෝසමක් මගින් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
මාලක සිල්වා වෙනුවෙන් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත මෝසම ඉදිරිපත් කළ ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා සඳහන් කළේ, පසුගියදා ඔහු අධ්‍යාපනික ශිෂ්‍යත්වයක් සඳහා විදේශ ගතවන බව සඳහන් කළේ වැරදීමකින් බවයි.
මෙම කරුණු සළකා බලා මේ මස 10 වැනිදා සිට ලබන නොවැම්බර් මස 20 වැනිදා දක්වා කාල සීමාව තුළ විදේශ ගතවීමට අවස්ථාව ලබාදෙන ලෙස අදාල මෝසමෙන් මාලක සිල්වා මහතා ඉල්ලා සිටියා.
මෙම කරුණු සළකා බැලූ කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා එම ඉල්ලීමට අවසර ලබා දුන්නා.
යුධ හමුදා මේජර් සූසේන මහතාට ජැයික් හිල්ටන් හෝටලයේ දී පහර දුන්නැයි මාලක සිල්වාද, තුර්කියේ ශ්‍රී ලංකා තානාපති භාරති විජේරත්න මහත්මියගේ පුත් රෙහාන් විජේරත්න ඇතුළු තවත් කිහිප දෙනෙක් ද ඇප මත නිදහස් කර තිබෙනවා.
අදාළ නඩු විභායේදී මාලක සිල්වා මීට පෙර අධිකරණයෙන් ඉල්ලා සිටියේ අධ්‍යාපන කටයුත්තක් සඳහා දිවයිනෙන් බැහැර යාමට අවසර ලබාදෙන ලෙසයි.
ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා එහිදී පැවසුයේ, මාලක අධ්‍යාපනය සඳහා ඇමෙරිකාවට යන බවත්, සමහරවිට ඔහු දිනෙක ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඇමැති ද විය හැකි බවත්ය.