සුද්ධෝදන රජතුමා ගේ චරිතය - රන්ජන් රාමනායක...
සුප්‍රබුද්ධ රජු ලෙස ඩග්ලස්
රණසිංහ...
නන්ද කුමරු ලෙස රොෂාන් රණවන...
චන්න ඇමැති ලෙස සාරංග දිසාසේකර...
බිම්බිසාර රජු ලෙස ජීවන් කුමාරතුංග...
මහාමායා දේවියගේ කුස පිළිසිඳීමේ සිට ගිහිගෙය හැරයාම දක්වා සිදුහත් කුමාරයාගේ කතා පුවත රැගත් "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" චිත්‍රපටය 2013 ජනවාරි මාසයේ සිට තිරගතවීමට නියමිතයි.
රුපියල් කෝටි 15ක් පමණ වියදම් කර නිපදවා ඇති බව පැවසෙන මෙම සිංහල චිත්‍රපටය දැනටමත් ඉල්ලා ඇති රටවල් 48කට ඉංග්‍රීසි උපසිරැසි සහිතව විකිණීමට බලාපොරොත්තු වන අතර එමඟින් ඉපයීමට බලාපොරොත්තු වන මුදල රු. කෝටි 25කි.
භාෂා 5ක උපසිරැසි සහිතව ප්‍රදර්ශනය කිරීමට ඉන්දියාවද බලාපොරොත්තු වේ.දැනටමත් සම්පූර්ණයෙන් රූගත කර දෙබස් කවා අවසන්ව ඇති මෙම චිත්‍රපටයේ ගීත සියල්ලද අවසන්ය. ඉදිරි දින 20 ඇතුලත ඉන්දියාවට රැගෙනගොස් වර්ණගැන්වීම හා DTS ශබ්ධ යෙදීමට නියමිතය.
මෙහි සිද්ධාර්ථ කුමාරයා, යශෝදරා දේවිය, මහාමායා දේවිය, දේවදත්ත යන චරිත සඳහා පන පොවන්නේ ඉන්දියාවේන් තෝරාගන්නා ලද පුද්ගලයන්ය.
සුද්ධෝදන රජතුමා ගේ චරිතය රන්ජන් රාමනායකත්, සුප්‍රබුද්ධ රජු ලෙස ඩග්ලස් රණසිංහත්, නන්ද කුමරු ලෙස රොෂාන් රණවනත්, චන්න ඇමැති ලෙස සාරංග දිසාසේකරත්, බිම්බිසාර රජු ලෙස ජීවන් කුමාරතුංගත් රඟපායි.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ දිල්ලිය ප්‍රදේශයෙන් ඉන්දියානු නලු නිළියන් තෝරාගන තිබෙන්නේ මස් මාලු නොකන, හොඳ පවුල් පසුබිමක් ඇති තුන් සියයකට අධික තරුණ තරුණියන් පිරිසක් සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී කරගැනීමෙනුයි.
ඒ අනුව සිද්ධාර්ථ කුමාරයා ලෙස ගගන් මලික්, යශෝදරා දේවිය ලෙස අන්චල් සිංග්, මහාමායා දේවිය ලෙස අංශු මලික් හා දේවදත්ත ලෙස ගෞතමි ගුලාම් රඟපායි.
රූගතකිරීම් සඳහා කපිලවස්තු පුරයේ කපිලවස්තු මාලිගය ඉදිවූයේ කැලණිය ප්‍රදේශයේ මානෙල්වත්ත විහාර භූමියේ ය.
එහි ඇතුළත ස්වරූපය ඉදිවූයේ බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පිහිටි අක්කර එක හමාරක් පමණ වූ භූමි භාගයක ය.
බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන් ලියූ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ පොත ආශ්‍රය කරගෙන තිරපිටපතක් ලියා ඇති "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" චිත්‍රපටය සමන් වීරමන්ගේ අධ්‍යක්ෂණයකි. නවීන් ගුණරත්න ගේ නිෂ්පාදනයක් වන අතර ජෙෆ් ගුණවර්ධනගේ සම නිෂ්පාදනයකි.