Ads 468x60px

.

දියතලාව විමතියට පත් කරමින් පෑයූ අමුතු ඉර...

ඊයෙ පෙරවරු 7.30ට පමණ දියතලාව ආසන්නයේදී මුළු දියතලාවම විමතියට පත් කරමින් අමුතු ඉරක් පායලා... පිළිබඳ පුවතක් ඊයේ අප ඔබට ගෙන ආවා.

එම අමුතු ඉර දැක ඇත්තේ බණ්ඩාරවෙල සිට වැල්ලවාය දක්වා ධාවනය වූ බස් රථයක ගමන් කළ පිරිසක් වන අතර දැඩි ආලෝකයක් විහිදවූ එය විනාඩි කිහිපයකින් පසු නොපෙනී ගිය බවයි ඔවුන් ප්‍රකාශ කලේ.

එය දුටු එක් අයෙක් ප්‍රකාශ කලේ "මෙතන අමුතු එළියක් තිබ්බා. ඒ එළිය එන්න එන්න වැඩි වුනා. ඉර වගේ දෙයක් නිල් පාටට ලොකුවට පේන්න තිබ්බා. ඉර පෑව්වොත් මේ කන්ද නිසා ඉර පේන්නේ නෑ. ඒක ඒ පැත්තට තමයි ගියේ."

එම ආලෝකය දුටු තවත් පුද්ගලයෙකු ප්‍රකාශ කලේ "සම්පූර්ණ රවුම ඇතුලේ නිල්පාටට වතුර වගේ දෙයක් තමයි තිබුනේ" ලෙසයි

එම පුවතේ ස්වර්ණවාහිනී වීඩියෝව පහතින්.




දියතලාව විමතියට පත් කරමින් අමුතු ඉරක් පායලා...
 
Related Posts with Thumbnails