Ads 468x60px

.

ශ්‍රී ලංකා යුද හමුදාව පවාදීම...

ආච්චිලාටත් ආරක්‍ෂාව සැපයීමට වෙනම හමුදාවක්‌...

ශ්‍රී ලංකා යුද හමුදාවට සිදුකල විශාලතම  පාවාදීම ලෙස වාර්තා වන්නේ  කුලසිරි උඩුගම්පොල  නමැති පොලිස් නිලධාරියා විසින් සිදු කල මිලේනියම් සිටි පාවාදීමයි. 

මේ  පාවාදීම නිසා අතුරුගිරියේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ස්‌ථානගතව සිටි දිගුදුර විහිදුම් බළකායේ සාමාජිකයන් කොටි පිස්තෝල කල්ලියට බිලි වුහ. 

නමුත් මිලේනියම් සිටි පාවාදීමටත් වඩා බරපතල පාවාදීමක් පිළිබඳව ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය ඒකකයේ නිලධාරීහු  හෙළි කරති. ඔවුන් පෙන්වාදෙන අන්දමට  කුලසිරි උඩුගම්පොල  සිදුකල පවාදිමටත් වඩා ශ්‍රී ලංකා යුද හමුදාවට විශාලතම පාවාදීම සහ හානිය  කරන ලද්දේ යුද හමුදා රෝහලේ බ්‍රිගේඩියර් කමල් සුමනපාල විසිනි.

මෙම නිලධාරියා විසින් යුද්ධයෙන් මානසික පීඩනයට පත්ව සිටි සොල්දාදුවන්ට ප්‍රතිකාර කිරීමට තිබු ප්‍රතිකාර ඒකකය අන්තනෝමතික තීරණය මත වසා දැමීම නිසා  අසමතුලිත මනසකින් යුත් සොල්දුවන් විශාල ප්‍රමාණයක් අද මිනිස් ඝාතන ස්ත්‍රී දුෂණ කොල්ලකෑම් වල නිරතව සිටිති. පසුගිය කාලය පුරාම සොල්දාදුවන් විසින්  කරන ලද  ඝාතන  ස්ත්‍රී දුෂණ විශාල ප්‍රමාණයක් ජනමාධ්‍ය විසින් වාර්තා කරන ලදී.   

අලුත්ම සිද්ධිය වාර්තා වන්නේ පොලොන්නරුවෙනි. තම නිවස බලා යැම සඳහා පොලොන්නරුව කදුරුවෙල බස්‌ නැවතුම්පළේ රැඳී සිටි 42 හැවිරිදි
මවක්‌, නිවාඩුවට ගමේ පැමිණි තරුණ හමුදා සෙබළකු විසින් බලහත්කාරයෙන් පැහැර ගනු ලැබ දූෂණය කොට තිබේ. මෙය ඉතාම භයානක තත්වයක් බව කිවයුතු නැත. 

හෙට අනිද්දා මේ රණවිරුවන් ගෙවල් වලට පැන ඔබගේ දියණිය හෝ බිරිඳ බලහත්කාරයෙන්  පැහැරගෙන  ගොස් දුෂණය කළහොත් පුදුමයට පත් නොවන්න. මනස විනාශ වූ හා  කිසිම ප්‍රතිකාරයක් නොලැබූ සොල්දාදුවන් විශාල ප්‍රමාණයක් නිදැල්ලේ සැරිසරති. මේ අපරාධය ගැන දිවයින පුවත්පතේ කතුවැකිය  මෙසේ පවසයි.

නිවාඩුවට ගමේ ආ යුද සෙබළා හොරකම් කිරීම, මිනී මැරීම, ස්‌ත්‍රීන් දූෂණය කිරීම පසුගිය කාලයේදී විටින් විට දැක ගන්නට ලැබිණි. මේ අනුව හමුදා සෙබළුන් නිවාඩුවට එන විට ඒ ඒ පළාත්වල වෙසෙන තරුණ ගැහැනු දරුවන් සහ මවුවරුන්ට පමණක්‌ නොව ආච්චිලාට ද ආරක්‍ෂාව සැපයීමට වෙනම හමුදාවක්‌ යෑවිය යුතු තත්ත්වයක්‌ මතු වී තිබේ.


ඇඹිලිපිටියේ දොස්‌තර කෙනකුට වෙඩි තැබීමේ කොන්ත්‍රාත්තුව භාර ගන්නා ලද්දේ ද හමුදා සෙබළුන් දෙදෙනකු විසිනි. ඒ අතර යුද හමුදාවෙන් පැන ගිය සෙබළුන් ද ක්‍රමයෙන් සමාජයීය ව්‍යසනයක්‌ වෙමින් පවතී. පැන යන සෙබළා බොහෝ විට පැන යන්නේ ආයුධයත් සමඟ ය. ඔහු සමාජගත වන්නේ සන්නද්ධ අපරාධ අපේක්‍ෂකයකු ලෙසිනි. 

ඔහු අපරාධ සොයමින් ඇවිදියි. කුලියට මිනී මැරීමට ඇති තැන් සොයා පණිවුඩ යවයි. හමුදාවෙන් පැන එන විටම ඔහුගේ චර්යාව ද නිමාවට පත් වෙලා ය. ඔහු සිටින්නේ බලවත් පීඩනයකිනි. එය ඔහු හමුදාවෙන් පැන ඒමට බල පෑ සාධකයන් සමඟ තවතවත් තීව්‍ර වීමට පටන් ගනී. ඔහු පැන එන්නේ පීඩනයෙන් මිදීමට ය. 

එහෙත් සමාජය තුළ ඇති පීඩනය එයට වැඩිය. එක පැත්තකින් මිල්ටරි පොලිසිය ඔහු සොයන්නට පටන් ගනී. මිල්ටරි පොලිසියට හසුවනවාට වඩා දුම්රියට බෙල්ල තැබීම සැපතකි. අනෙක්‌ පැත්තෙන් ලිංගික පීඩනය සහ ආර්ථික පීඩනය ඔහුගේ මොළයේ පරිපථ විනාශ  කරයි. එසේ කියා ඔහුට කැමති දේ කිරීමට ඉඩ දී සිටීමට සමාජය බැඳී නැත.

(දිවයින පුවත්පත )

යුද්දය අවසන්  වූ 2009 වසරින් පසු මේ දක්වා යුද හමුදා සොල්දාදුවන් 400 දිවි නසාගෙන තිබෙන බව හමුදා ප්‍රකාශකවරයා පවසයි. සොල්දාදුවන් විශාල ප්‍රමාණයක් අපරාධ සඳහා චෝදනා ලබා තිබේ.   මේ නිසා ශ්‍රී ලංකා යුද හමුදාවට ලැබී ඇති කළු  පැල්ලම  අති විශාලය. 


මේ සඳහා සොල්දාදුවාට දොස් කියා හෝ ඔහුව හිරේ විලංගුවේ දමා පලක් නැත. ඔවුන්ට නිසි ප්‍රතිකාර නොලද්දෝ වෙති. යුද්දය නිසා මනස විකෘති වූ සොල්දාදුවන්ට  මානසික ප්‍රතිකාර අවස්ථාව නොදී   ඔවුන්ව අතරමං කල බ්‍රිගේඩියර් කමල් සුමනපාල  යුද හමුදාවට කරන ලද්දේ ද්‍රෝහීකමක්  මෙන්ම විශාල හතුරුකමකි. 

- අමිල ගුණරත්න -
 
Related Posts with Thumbnails