ඔහු මට හොඳ මිතුරෙක්... ඉන් එහා දෙයක් නෑ...
ජීවිතය අලුතෙන් පටන් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා...
නමුත් මම ඒකට හදිසි වෙන්නේ නෑ...
බොහෝ දෙනකු ඇයව හඳුන්වන්නේ ‘පබා’ නමිනි. ඒ ඇය ‘පබා’ ටෙලි නාට්‍යයේ නිරූපණය කළ චරිතය නිසාය. ඇය උපේක්‍ෂා ස්වර්ණමාලි. උපේක්‍ෂා අපට සිටින දක්‍ෂතම රංගන ශිල්පිනියකි. නර්තන ශිල්පිනියකි.දැන් ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකි.
උපේක්‍ෂා රංගනයෙන් දායක වූ “බෝම්බ සහ රෝස” චිත්‍රපටය මේ දිනවල ප්‍රේක්‍ෂක ප්‍රසාදය දිනා ඇත. අප අද උපේක්‍ෂා ස්වර්ණමාලි හමුවන්නේ ඇයගේ නවතම තොරතුරු පිළිබඳව කතාබහ කිරීමටය.
උපේක්‍ෂා මොන වගේ වැඩත් එක්කද ඔබ මේ දිනවල කාලය ගෙවන්නේ?
මේ දවස්වල අනුර මාධව ජයසේකර අධ්‍යක්‍ෂණය කරන “වීදිය බණ්ඩාර” ටෙලිනාට්‍යයේ සහ ප්‍රීතිරාජ් වීරරත්න අධ්‍යක්‍ෂණය කරන “රශ්මි” ටෙලිනාට්‍යයේ රූපගතකිරීම්වලට සහභාගි වෙනවා. ඒ වගේම පාසල් හැර ගිය ළමයින්ට වෘත්තීය පුහුණු පාඨමාලා පවත්වා සහතික පත්‍ර ලබාදීමේ වැඩසටහනක් මම ක්‍රියාත්මක කරල තියෙනවා.
ඒ වගේම ගර්භණී මවුවරු සහ කුඩා දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළ කීපයක්ම ක්‍රියාත්මක කරන්න මගේ කාලය යොදවනවා.
කලාව සහ දේශපාලන ජීවිතය සමබරව ගෙනියන්නේ කොහොමද?
කාලය කළමනාකරණය කරගෙන මම මේ හැම දෙයම කරනවා. මගේ අම්ම මට හැමදේටම උදව් වෙනවා. එයා නැතිනම් මට මේ කිසිම දෙයක් කරන්න ලැබෙන්නේ නෑ. දේශපාලන කටයුතු කලා කටයුතු පමණක් නෙමෙයි, අතපසුවුණු නීති උපාධිය පිළිබඳ මගේ අධ්‍යාපන කටයුතුත් මම නැවත ළඟදීම ආරම්භ කරනවා.
ඔබ දැන් රංගනයේදී චරිත තෝරා බේරා ගන්නවාද?
මන්ත්‍රීවරියක් වෙන්න ඉස්සරත් මම කලා නිර්මාණයක් තෝරා ගනිද්දි කිසියම් තෝරා ෙබ්රා ගැනීමක් කළා. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් හැටියට තවත් වැඩියෙන් ඒ ගැන හිතන්න මට වෙලා තියෙනව.
‘බෝම්බ සහ රෝස’ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර?
මේ චිත්‍රපටයේ රූපගත කිරීම් කළේ මීට අවුරුදු 3 කට පමණ ඉස්සර. මේ චිත්‍රපටය හැමෝටම හරියන්නේ නැතිවෙන්න පුළුවන්. මේක ඉතාම අපූරු චිත්‍රපටයක්. මෙහි මගේ රංගනයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
‘සින්ඩ්‍රෙල්ලා’ චිත්‍රපටය ඔබේ නිර්මාණ දිවියට කෙතරම් වැදගත් ද?
‘සින්ඩ්‍රෙල්ලා’ ළඟදීම තිරගතවෙන්න නියමිත චිත්‍රපටයක්. මෙය දක්ෂ සිනමා නිර්මාණකාරියක වන ඉනෝකා සත්‍යාංගනීගේ සිනමා කෘතියක්. මේ චිත්‍රපටයේ රඟපාන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මෙහිදී මගේ රංගනයේ උපරිමය චිත්‍රපටයට ලබාගන්න ඉනෝකාට හැකි වුණා කියලා මම හිතනව.
මම මෙතෙක් නිරූපණය කරල තිබෙන චරිතවලට වඩා උපේක්‍ෂා ස්වර්ණමාලිගේ චරිතය හොඳින්ම නිරූපණය වුණේ ‘සින්ඩ්‍රෙල්ලා’ චිත්‍රපටයෙන් කියල මම හිතනව. එහි මම රඟපාන චරිතයේ ස්වභාවය මගේ ඇත්ත ජීවිතයේ චරිතයේ ස්වභාවයට ගොඩක් දුරට සමානයි. නමුත් එහි කතාව මගේ ජීවිතයට සම්බන්ධයක් නෑ.
ටෙලිනාට්‍ය, චිත්‍රපටවල දැන් ඔබ කුමන චරිතය නිරූපණය කළත් සමාජයේ බොහෝ දෙනෙක් ඔබව හඳුන්වන්නේ ‘පබා’ කියල නේද?
ඔව් ඒක එහෙම තමයි. මට ඒ ගැන හරිම සතුටුයි. මට ලංකාවේ රූපවාහිනී ප්‍රේක්ෂකයින්ගේ හදවත්වලට ලංවෙන්න හැකිවුණේ ‘පබා’ චරිතය නිසයි. ඉතින් ඒ චරිතයට මම ගොඩක් ආදරෙයි.
ඔබ දේශපාලන ක්ෂේත්‍රයේ දිගටම රැඳී ඉන්නවද?
ඔව් මීළඟ මැතිවරණයට මම ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉන්පසුවයි දිගටම දේශපාලනයේ යෙදෙනවද කියල සිතා බලන්නේ.
ඔබ ඔබේ විවාහයෙන් නීතියෙන් වෙන් වුණාද?
ඔව් මට ඇතිවුණ ගැටලු නිසා මම නීතියේ පිහිට පැතුවා. එහි තීන්දුව අප්‍රේල් මාසයේ ලැබෙන්න නියමිතයි.
ජීවිතය අලුතෙන් පටන් ගන්න බලාපොරොත්තුවක් තියෙනවද?
ඇත්තෙන් ම බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් මම ඒකට හදිසි වෙන්නේ නෑ.
පසුගිය දිනවල අකලංකත් ඔබත් පිළිබඳ කටකතාවක් පැතිරුණා නේද?
ඔව් ඒ කටකතාවට මුල් වුණේ අකලංකත් මමත් ‘සින්ඩ්‍රෙල්ලා’ චිත්‍රපටයේ කළ රංගනයයි. ඒ චිත්‍රපටයේ විවිධ වැඩකටයුතුවලට අකලංකත් මමත් එකට සහභාගී වුණා. ඒවා නිසා ඔවැනි කතාවක් පැතිරෙන්න ඇති. අකලංක කියන්නෙ ඇත්තටම හොඳ පුද්ගලයෙක්. ඔහු මට හොඳ මිතුරෙක්. ඉන් එහා දෙයක් නෑ.
අකලංක කියන්නෙ ඇත්තටම හොඳ පුද්ගලයෙක් - (පබා) උපේක්‍ෂා ස්වර්ණමාලි.
2013-03-16T08:04:00+05:30
Hot And Fast News
කලා|