එම යානය ගමන් කලේ නම් වීදුරුව ඉවරයි...
මාලේ නුවර සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත ගොස්, යලි කටුනායක බලා එමින් සිටි 'ශ්‍රී ලංකන්' ගුවන් සේවයට අයත් UL114 ගුවන් යානය මත්තල ගුවනේ දී ඊයේ (25) අනතුරකට ලක් ව තිබෙනවා.
ඊට හේතුවී ඇත්තේ, එම යානය යළි ගුවන් ගතකිරීමෙන් පසු කුරුල්ලන් රංචුවක් යානයේ නියමු කුටියට ඉදිරියෙන් ඇති වීදුරුවේ (Windscreen) හැපී තිබීමයි. ඒ හේතුවෙන් එම වීදුරුවේ ඉරිතැලී ගොස් තිබී ඇති නමුත්, එය පිපිරීමකට ලක්ව නොමැති බව වාර්තා වෙනවා.
මෙම අනතුරින් පසුව යානය විනාඩි 10 ක් ඇතුළත කටුනායක ගුවන් තොටුපළට රැගෙන ඒමට ජ්‍යෙෂ්ඨ නියමුවෙකු වූ එම යානයේ නියමුවා සමත්ව ඇති අතර, තවත් විනාඩි 20 ක කාලයක් අඩි 3000 ක ඉහළ අහසේ එම යානය ගමන් කලේ නම් එම වීදුරුව කැඩීයාමට ඉඩතිබූ බව පැවසෙනවා.
එසේ වූයේනම්, ගුවන් නියමුවා ගුවන් යානයෙන් පිටතට යැදී යාමේ අවධානමක් තිබු බව සමහර වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
ගුවන් මගින් 40 දෙනෙකු සමග මාලේ සිට මත්තල රාජපක්ෂ අන්තර් ජාතික ගුවන් තොටුපළට ළඟාවී තිබූ එම යානයෙන් එහිදී කිසිවෙකු බැස නොතිබුණද , කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ දක්වා පැමිණීමට ගුවන් මගීන් සිව්දෙනෙකු යානයට ගොඩවී තිබෙනවා.
මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල වෙත පසුගිය 14 දා පරීක්ෂණ මෙහෙයුමක් සඳහා පියාසර කල 'ශ්‍රී ලන්කන් එයාර්' ගුවන් යානයක් ද මත්තල අසල ගුවනේදී මෙවැනිම අකරතැබ්බකට මුහුණ දුන්නේය.
පියාසර කරමින් සිටි කුරුළු රංචුවක් එම ගුවන් යානයේ ඉදිරිපස ගැටී තිබු අතර, එහිදී සිදුවීමට ගිය අනතුර වලක්වාගැනීමට ගුවන්නියමු තේවින්ද යහම්පත් මහතාට බලවත් වෙහෙසක් දැරීමට සිදුවුනා.
මත්තල ගිය ගුවන් යානයක් 'නුලෙන්' බේරෙයි..!
මත්තල ගුවනේදී ගුවන් යානයකට යළි අනතුරක්...
2013-03-26T22:30:00+05:30
Hot And Fast News
පුවත්|