ගෝවා වැංජනයේ මැරිච්ච ගොළුබෙල්ලන් දෙන්නෙක්...
කුඩා ගොළුබෙල්ලන් දෙදෙනකු සහිත බත් පාර්සලයක් අලෙවි කළ බව කියන කේටරින් සර්විස් අයිති කරුවෙකුට මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් එල්. ලියනආරච්චි මහත්මිය රු. 5000ක දඩයක් ඊයේ (18) නියම කළා.
මෙසේ දඩ නියම කෙරුණේ නාරාහේන්පිට ප්‍රදේශයේ කේටරින් සර්විස් හිමිකරුවෙකුටය.
අහිතකර ලෙස ආහාර පිළියෙළ කිරීම හා මනුෂ්‍ය පරිභෝජනයට නොසුදුසු ආහාර මනුෂ්‍ය පරිභෝජනයට ඉදිරිපත් කිරීම යන චෝදනා දෙක යටතේ මෙම කේටරින් සර්විස් අයිතිකරු කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශය මඟින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (18) ඉදිරිපත් කර තිබුණා.
ඒ අවස්ථාවේ අදාළ චෝදනාවට චුදිත වරද පිළිගන්නා බව නීතිඥ ඩෙන්සිල් ලොයිඩ් ග්‍රේ මහතාගේ මාර්ගයෙන් අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය චුදිතට ඉහත කී ලෙස දඩ නියම කළා. බත් පාර්සලයේ තිබූ ගෝවා වැංජනයේ කුඩා ගොළුබෙල්ලන් දෙදෙනා මැරී සිටි බව අධිකරණයේදී හෙළිවිය.
නාරාහේන්පිට කේටරින් සර්විස් එකක බත් පාර්සලයේ ගොළුබෙල්ලෝ දෙන්නෙක්..
2013-03-19T08:37:00+05:30
Hot And Fast News
පුවත්|