Ads 468x60px

.

රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තනතුරට නුසුදුස්සෙක් පත් වීම ගැටලුවක්...

ඉහල සුදුසුකම්ලාභී විශේෂඥ කායික වෛද්‍යවරුන් නොතකා රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ කායික වෛද්‍ය මහාචාර්ය තනතුරට වෛද්‍ය සිසිර සිරිබද්දන පත් කිරීම නුසුදුසු ක්‍රියාවක්  බව රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරු පිරිසක් පෙන්වා දෙති. 

කාලයක් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්දව වැඩ කල වෛද්‍ය සිසිර සිරිබද්දන ජවිපෙ බෙදීමෙන් පසු විමල් වීරවංසට සහය පල කරන ලදී. මේ නිසා කෘතගුණ සැලකීමක් ලෙසට රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තනතුර ලබාගැනීම සඳහා වෛද්‍ය සිසිර සිරිබද්දනට විමල් වීරවංස අමාත්‍යවරයා උපකාර කරන ලද බවට බව එම මහාචාර්යවරු වැඩිදුරටත් පෙන්වා දෙති. 

මෙවැනි වගකිවයුතු ශාස්ත්‍රඥ තනතුරක් සඳහා අත්දැකීම් සහ ඉගැන්වීමේ කුසලතා සහිත විද්වතෙක් පත් කල යුතුව තිබුනද දේශපාලන පන්දම් මත මෙවැනි නුසුදුස්සන් විශ්ව විද්‍යාල වල ශාස්ත්‍රඥ තනතුරු වලට පත් වීම මගින් විශ්ව විද්‍යාලවල අධ්‍යන මට්ටම පහල බසින බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ ජේෂ්ඨ කථිකාචාර්යවරයෙක් අප සමග පැවසිය.

ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේනිගතකිරීම් අනුව රජරට විශ්ව විද්‍යාලයේ තත්වය බොහෝ සෙයින් පිරිහී තිබෙන අතර රජරට විශ්ව විද්‍යාලය 6,228 තැනට පත්වී තිබේ.මේ සඳහා මුලික හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ විශ්ව විද්‍යාල වලට සුදුසුකම් රහිත  පුද්ගලයන් දේශපාලන බලය යොදා පත්කිරීමය.


1988 - 1989 භීෂණ සමයේ ජවිපෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සමග ඝාතන කටයුතු වලදී උපදේශකයන් ලෙස ක්‍රියා කල වෛද්‍යවරු සහ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් කිහිප දෙනෙකු තවමත් කිසිම චෝදනා නොලබා නිරුපද්‍රිතව සිටින බවත් ඔවුන් ස්ටැන්ලි විජේසුන්දර වැනි විශ්ව විද්‍යාල මහාචාර්යවරු ඝාතනය කිරීම සඳහා උපදෙස්  දී ඇති බවද හෙළි වී තිබේ.

මොවුන් විසින් 1988 - 1989 වකවානුවේ ජවිපෙ කැන්ගරු උසාවි වල බිම් මට්ටමේ සාමාජිකයන්ට ඝාතන නියෝග දීම නිසා විශාල බුද්ධිමතුන් ප්‍රමාණයක් රටට අහිමි විය. ජවිපෙ දෙකඩ වීමත් සමගම මොවුන් විමල් වීරවංස අමාත්‍යවරයාට සහය ලබා දී ඇති අතර ඒ සඳහා විශාල වරප්‍රසාද ගෙන තිබේ. ඝාතකයන්ගේ උපදේශකයන් ලෙස ක්‍රියා කල මේ පුද්ගලයන් වර්තමානයේ වගකිවයුතු තනතුරු දරමින් සිටිති.

- දර්ශනී විමලසුරිය
 
Related Posts with Thumbnails