වැඩ්ඩෝ ටික ෆේල් වෙලා කබ්බෝ ටික පාස් වෙලා
ටියුෂන් ගුරුවරියට
මවුපියන්ගෙන්
කුණු බැනුම්...
ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් වූ දරුවන්ගේ දෙමාපියන් විසින් මුදල් අයකැර තම දරුවන්ට ඉගැන්වූ ගුරුවරියකගේ නිවෙස වටලා තර්ජන ගර්ජන කිරීමේ පුවතක් කැකිරාව ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.
ඇය රජයේ පාසලක පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට ඉගැන් වූ පන්ති බාර ගුරුවරිය වූවාය. තම පන්තියේම දක්ෂ යැයි තෝරා ගත් සිසුන් කීපදෙනෙකු පාසල් වේලාවෙන් පසු තම නිවෙසට කැඳවා මසකට රුපියල් දහස බැගින් අයකර ශිෂ්‍යත්ව පන්ති පැවැත්වූවාය.
ඇය විසින් ඇගේ පෞද්ගලික පන්තියට බාර නොගත් දරුවන්ගේ මවුපියන් තම දරුවන් පන්තියට යැවීමට බොහෝ උත්සාහ කළ නමුත් එම දරුවන් අදක්ෂ යැයි කියමින් පන්තියට බාර ගැනීම ප්‍රතික්ෂේප කළාය.පසුගියදා ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් විය.
ඇගේ නිවසේ මුදල් ගෙවා අධ්‍යාපනය ලැබූ සියලුම දරුවන් ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් වී සිටියහ. තම පෞද්ගලික පන්තියට බාර ගැනීම ප්‍රතික්ෂේප කළ අදක්ෂ යැයි ඇය විසින් නිගමනය කළ සිසුන් කීපදෙනෙකු ඉහළ ලකුණු ලබා ගනිමින් ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වී සිටියහ.
ගුරුවරියට මුදල් ගෙවා පන්ති යවා තම දරුවන් අසමත්වීමෙන් කෝපයට පත් මවුපියන් කීපදෙනකු ඇගේ නිවෙසට කඩා පැන නින්දා අපහාස කරමින් දෙස් දෙවොල් තබමින් තර්ජන ගර්ජන කළ බව තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි.
වැඩ්ඩෝ ටික ෆේල් වෙලා කබ්බෝ ටික පාස් වෙලා
2013-10-04T09:09:00+05:30
Hot And Fast News
පුවත්|