විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් මෙහෙයවන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නැමැති සිවුරු කාරයාගේ නාමික නායකත්වයෙන් යුක්ත රාවණා බළකායේ මුලික අරමුණ සැබෑ දේශපාලන ප්‍රශ්න වලින් ජනතා අවධානය වෙනතකට යොමු කිරිමත් ධනවත් ව්‍යාපරිකයන් ගෙන් කප්පම් ලබා ගැනීමත්‍ය.
පසුගියදා සීතා මං ආවා චිත්‍රපටයට දැක්වූ විරෝධයේ අරමුණ වී තිබෙන්නේ ජේම්ස් පැකර්ගේ කැසිනෝ ව්‍යාපෘතියට එල්ල විය හැකිව තිබූ ජනතා විරෝධය සීතා මං ආවා චිත්‍රපට විරෝධය මගින් යට ගැසීමත් එම චිත්‍රපටයේ නිෂ්පාදක චමින්ද රණසිංහගෙන් අත යට ගනුදෙනුවක් බලහත්කාරයෙන් ලබා ගැනීමත්‍ය. මේ ක්‍රියාවලීන් දෙකම සාර්ථක වූ බව වාර්තාවේ.
මේ අන්තවාදී කන්ඩායම් දෙක මුස්ලිම් මෙන්ම සිංහල ව්‍යාපාරිකයන් ද බිය ගන්වමින් කප්පම් ජාවාරම නිරුපද්‍රිතව කරගෙන යති.
- අමිල ගුණරත්න