ෆේස්බුක් (facebook) සමාජ වෙබ් අඩවිය භාවිතය තුළින් විශාල ප්‍රශ්නයක් නිර්මාණය වී ඇති බවත්, මේ තත්ත්වය යටපත් කිරීමට ක්‍රියාදාමක් අවශ්‍ය බවත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේය.
ඊයේ (20දා) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේදී මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා කතා කරන්නේ ෆේස්බුක් සමාජ ජාලා පිහිටුවීමට කළින් මේ රටේ අපරාධ සිදු නොවු ලෙස කල්පනා කර හැකිවුවත් අද මේ රටේ සිදුවන අපරාධ පිළිබඳ සලකා බැලිමේදී
ෆේස් බුක් සම්බන්ධකම් මඟින් සිදුවන අපරාධ නොගිනිය හැකි ප්‍රමාණයකි. ආණ්ඩුව මේ සූදානම් වන්නේ මෙරට මහ ජනතාවගේ සැබෑ ප්‍රකාශනය යටපත් කිරීමට බැව් පැහැදිලිය. සමාජ ජාලා තුලදී කවුරු කවර මතයක් දැරුවද ඒ ඔවුන්ගේ සැබෑ හඬයි.
අද ආණ්ඩුවේ කුණු රෙදි අපුල්ලන කෙහෙළියලාට ඇතිවී තිබෙන්නේ සමාජ ජාලා හරහා රාජපක්ෂවරුන්ගේ පාලනය බිද වැටීමේ කුමන්ත්‍රණ ක්‍රියාවට නැගෙනු ඇතැයි කියන බියය.
Face Book තහනමට ආණ්ඩුව සැරසේ
2014-02-21T08:15:00+05:30
Hot And Fast News
දේශපාලන|