දුම්රිය අනතුරු
කමිටු පුස්සක් !
පොතුහැර දුම්රිය ස්ථානයේ බදාදා (30) සිදු වූ අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා සිව් පුද්ගල කමිටුවක් පත්කැර තිබේ.
දුම්රිය ගමනාගමන අධිකාරී එල්. ආර්. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති කමිටුවේ වාර්තාව ඉදිරි දින කිහිපය ඇතුළත ප්‍රවාහන අමාත්‍යවරයාට සහ දුම්රිය සාමාන්‍යධිකාරීවරයාට භාර දීමට නියමිතය.
මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණයට අමතරව ප්‍රවාහන අමාත්‍යාංශයද පරීක්ෂණයක් සිදුකරන බව ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා පැවසීය.
කෙසේ වෙතත් ඇතැම් පාර්ශව චෝදනා කරනුයේ මෙලෙස කමිටු පත් කිරීමෙන් පමණක් මෙවැනි අනතුරුවලට කිසිදු විසඳුමක් නොලැබෙන බවයි. ඔවුන් පවසන්නේ ඉකුත් වකවානුවේ සිදුවූ සියලු දුම්රිය
අනතුරුවලින් අනතුරුව පත්කළ කමිටුවලින් කිසිම ප්‍රථිපලයක් නොලද බවයි.
2011 සැප්තැම්බර් මස 17 වැනි දින බලවේග කට්ටල දුම්රියක් උඩරට මැණිකේ දුම්රියේ ගැටුනේ අලව්ව දුම්රිය ස්ථානය ආසන්නයේදීය. ඉන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.