තාත්තයි පුතයි එකතුවල බාල වයස්‌කාර දැරියට කළ හදිය...
තාත්තා
පුතාවත්
ගෙදරින්
පන්නලා
බාල වයස්‌කාර දැරියකට අතවර කළ තරුණයකු හා ඔහුගේ පියා ජාතික ළමාරක්‌ෂක අධිකාරියේ පොලිස් කණ්‌ඩායමක් ඊයේ (2 වැනිදා) අත් අඩංගුවට ගෙන තිබෙනවා. බළපිටිය පදිංචි මෙම දැරියට අවුරුදු 14 දී සැකකාර තරුණයා මුලින්ම අතවර කර ඇතැයි හෙළි වී තිබෙනවා.
පසුව මොහු ව්‍යාජ උප්පැන්න සහතික සාදා දැරිය විවාහ කරගෙන මහ නුවර සිය නිවසට රැගෙන ගොස් තිබෙනවා. පසුව තරුණයාගේ පියා සිය පුත්‍රයා නිවසින් පන්නා දමා දැරිය සමග වසර 3 ක කාලයක් අඹු සැමියන් ලෙස හැසිරී ඇති බව පොලිසිය හෙළිකර ගෙන තිබෙනවා.
මරණ තර්ජනය කර බිය කරමින් මෙම පියා දැරියට අතවර කර ඇතැයි හෙළි වී ඇත. අතවර ඉවසනු නොහැකිව නිවසින් පැන ආ 17 හැවිරිදි
දැරිය සිය පියාට දුරකථන ඇමැතුමක් ලබා දෙමින් සිදුවූ අතවර දන්වා තිබෙනවා.
ඒ අනුව පියා ජාතික ළමාරක්‌ෂණ අධිකාරියට කළ පැමිණිල්ලකට අනුව 48 හැවිරිදි පියා හා 22 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සෙනරත් හඳුන්ගහවත්ත මහතාගේ හා ජාතික ළමාරක්‌ෂක අධිකාරියේ අධ්‍යක්‍ෂිකා නීතිඥ අනෝමා දිසානායක මහත්මියගේ අධීක්‌ෂණය මත ස්‌ථානාධිපති පොලිස් පරීක්‌ෂක බී. ඩබ්ලිව්. බෝවිටි ගොඩ මහතාගේ උපදෙස් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තාත්තයි පුතයි එකතුවල බාල වයස්‌කාර දැරියට කළ හදිය...
2014-05-03T08:10:00+05:30
Hot And Fast News
පුවත්|