හමුදා සෙබලෙකු විසින් කොළඹ සෞන්දර්‍යය විශ්ව විද්‍යාලයේ දෙවන වසර ශිෂ්‍යාවක් ඇල්පිටියේදී කපා කොටා ඝාතනය කොට තිබේ.
වාර්තා වන පරිදි යුද හමුදා රෝහලේ යුද ආතතියට ප්‍රතිකාර කල මධ්‍යස්ථානය බ්‍රිගේඩියර් කමල් සුමනපාල නම් අදූරදර්ශී නිලධාරියා විසින් වසා දැමීමෙන් පසුව මෙවැනි මානසික ව්‍යාකුලතාවයන්ට පත් වූ සොල්දාදුවන් විසින් විවිධ සමාජ විරෝධී ක්‍රියා සිදු කොට ඇත.
යුද්ධයෙන් පසු හමුදා සෙබළුන් ද පුනරුත්ථාපනය කළ යුතුව තිබිණි. එහෙත්, ඒ වෙනුවට කෙරුණේ දිගින් දිගට ම ඔවුන් බොරු වීරාභිනන්ද නයකට ලක් කරමින් හමුදා සෙබලුන්ට රැවටීමට ලක් කිරීමය.
නමුත් අවසානයේදී සමස්ථ ප්‍රජාවම අනාරක්ෂිතය. වර්තමාන යුද හමුදාපතිවරයා යම් දර්ශනයක් අනුව වැඩක් කල හැකි අයකු ලෙස හමුදාවේ සහ සිවිල් සමාජයේ විශ්වාසයට ලක් වූ අයකි.
එම නිසා කමල් සුමනපාලලා වැනි අදූරදර්ශී නිලධාරීන් විසින් යුද හමුදාවට කල හානියට පිලියම් යෙදිය යුතුය.
- අමිල ගුණරත්න
දැන්වත් හමුදා සෙබළුන් පුනරුත්ථාපනය කරනු
2014-05-26T07:48:00+05:30
Hot And Fast News
පුවත්|