වෙසක් කලාප නරඹන්න යනකොට බබාලාගේ සාක්‌කුවට 'Phone නම්බර්' එක දමන්න
දරුවන් මඟහැරී ගියොත්
පොලිස් මාමලා
හම්බවෙන්න
කොළඹ ගංගාරාම, දියවන්නා, බෞද්ධාලෝක මාවත ඇතුළු අනෙකුත් වෙසක් කලාප නැරඹීමට පැමිණීමේදී තම දරුවන් ගැන වැඩි අවධානයක් යොමු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහන මහතා ඊයේ (16 වැනිදා) පැවැසීය.
විශේෂයෙන් තම දරුවන් වෙසක් සිරි නරඹන අතරේ මඟ හැරී ගියහොත් එම ස්‌ථානයන්හි ආරක්‍ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරි මහත්වරුන් හමුවන ලෙසට උපදෙස් ලබා දෙන්නැයි ද හෙතෙම මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේද කීය.
"වෙසක් කලාප නරඹන්න යනකොට අවරුදු 5, 6 වයසේ පසුවන දරුවන්ගේ කලිසම් සාක්‌කුවලට තමන්ගේ දුරකථන අංකය ලියූ
කොලයක් දමන්න. එතකොට ළමයා අතරමං වුණොත් ඒ ළමයා හමුවන කෙනාට පහසුවෙන් දරුවාගේ දෙමාපියන්ට කතා කර දරුවාව භාරදිය හැකියි."
"ඒ වගේම දරුවා මඟහැරී ගියොත් ඒ අසලම ඉන්න පොලිස් මාමලා හම්බවෙන්න කියලා ඒ අයට දෙමාපියන් උපදෙස් දෙන්න. මේ ආරක්‍ෂිත ක්‍රමය අනුගමනය කරන්න. විශේෂයෙන් මේ දිනවල කප්පම්කරුවන් ළමයි පැහැරගන්න බලාගෙන ඉන්නේ. ඒ නිසා හැම වෙලාවෙම තම දරුවන් ගැන අවධානයෙන් ඉන්න."
වෙසක් කලාප නරඹන්න යනකොට බබාලාගේ සාක්‌කුවට 'Phone නම්බර්' එක දමන්න
2014-05-17T08:52:00+05:30
Hot And Fast News
පුවත්|