Ads 468x60px

.

සීයා සමග අමනාප වී පෙම්වතා සොයා ගිය 14 හැවිරිදි දැරියගෙ පිරිසිදුකම....?

ප්‍රේම සම්බන්ධයක්‌ සම්බන්ධයෙන් තම වැඩි හිටියන් සමග අමනාපයක්‌ ඇති කරගත් 14 හැවිරිදි බාල වයස්‌කාර දැරියක නිවසින් පැන ගොස්‌ තම පිරිසිදුකමද කෙළසාගෙන දින කීපයකට පසු ආපසු සිය නිවසට පැමිණීමේ සිද්ධියක්‌ දඹුල්ල අධිකරණයේ මහෙස්‌ත්‍රාත් සංජීව රම්‍ය කුමාර මහතා ඉදිරියේදී පසුගිය 26 දා අනාවරණය විය.

මෙම දැරියගේ මව මිය ගොසිනි. ඇය රැක බලාගෙන ඇත්තේ සීයා විසින්ය. සිද්ධිය සිදු වූ දින දැරියගේ පියා රැකියාව සඳහා නිවසින් පිටව ගොස්‌ සිටියේය. පසුගිය 16 වැනි දින රාත්‍රී 9.00 ට පමණ මේ දැරිය සීයා සමග අමනාපව කාටත් හොරා කුරුණෑගල ගැට්‌ටුවාන ප්‍රදේශයේ සිය

පෙම්වතා හමුවීමට නිවසින් පිට වී ඇත. ඇය මහා මාර්ගයට පැමිණි වේලාවේ බස්‌ නොතිබුණෙත් අහම්බෙන් හමු වූ යතුරුපැදියක නැගී තමා ගලේවෙල නගරයට ගෙන ගොස්‌ දමන ලෙස ඔහුට බැගෑපත් වී ඇත.

ඔහු ටියුෂන් ගුරුවරයකු බව පසුව අනාවරණය වී ඇත. ඔහු අතුරුපාරකින් දැරිය රැගෙන ගොස්‌ ඇය බාරදී ඇත්තේ පහළ වැව ප්‍රදේශයේ හෝටල් හිමියකුටය. හෝටල් හිමියා ඇය රැගෙන ගොස්‌ බෙලිගමුව ප්‍රදේශයේ හෝටලයක දී දූෂණයට ලක්‌ කර ඇත.

අනතුරුව එම හෝටල්හිමියා මෙම දැරිය කුරුණෑගල බලා යන බසයකට නංවා ඇත්තේ සිය පෙම්වතා හමුවීමට අවශ්‍ය බවට කළ ඉල්ලීමක්‌ අනුවය. කෙසේ වෙතත් ඇයට කුරුණෑගලදී පෙම්වතා හමු නොවූයෙන් කොළඹ බලා යන බසයකට නැග ඇත. 


එහිදී හමු වූ කාන්තාවක්‌ අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසට මේ දැරිය කැඳවාගෙන ගොස්‌ ඇත. එහි සිටි තරුණයන් කීප දෙනකු සමග මේ දැරිය දින කිහිපයක්‌ එම නිවසේ ගත කර ඇත. 

පසුගිය 20 වැනිදා දැරිය එම තරුණයන් සමග ගෝල්පේස්‌ පිට්‌ටනිය අසල ගැවසෙමින් සිටියදී හමු වූ තරුණයෙකු ඇගේ වග තුග දැන ගෙන ඇත. ඔහු මේ දැරියගේ පෙම්වතාටත් පසුව පෙම්වතා විසින් ඇගේ නිවසේ අයටත් දැරිය පත් වී ඇති තත්ත්වය දැනුම් දී ඇත.

අනතුරුව සීයා විසින් කොළඹ පදිංචි සිය ඥාතියකු මාර්ගයෙන් දැරිය නිවසට ගෙන්වා ගෙන පොලිසියට රැගෙන ගොස්‌ ප්‍රකාශයන් ලබා දී තිබේ. මේ වනවිට දැරිය වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්‌කර ඇති අතර පරිවාස නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ ඇය පියාට බාරදීමට ඇත.

මේ සම්න්ධයෙන් ව්‍යාපාරිකයකු, ත්‍රීවිල් රියෑදුරකු හා හෝටල් සේවයකු ගලේවෙල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව පසුගිය 26 වැනි දින රු 5000/- ක මුදල් හා රුපියල් ලක්‍ෂය බැගින් ශරීර ඇප මහේස්‌ත්‍රාත්වරයා විසින් නියම කර යළි පැමිණිල්ල කැඳවීම ලබන ජුනි 3 දාට කල් තැබීය. අනිත් සැකකරුවකු ටියුෂන් ගුරුවරයා මෙතෙක්‌ අත්අඩංගවට ගෙන නැත.
 
Related Posts with Thumbnails