Ads 468x60px

.

30 හැවිරිදි හමුදා සෙබළාගෙන් 83 හැවිරිදි ආච්චිට වෙච්චි දේ

දඹගල්ල පොලිස්‌ වසමේ ගංගොඩගම තලාව ප්‍රදේශයේ පදිංචි අසූතුන්හැවිරිදි කාන්තාවක්‌ ඉකුත් 31 දා රාත්‍රි තිස්‌ හැවිරිදි හමුදා සෙබළකු විසින් දූෂණය කරනු ලැබ තිබේ.

අතවරයට ලක්‌වූ කාන්තාව අපරාධය සිදු කළ හමුදා සෙබළාගේ බිරිඳගේ ආච්චි අම්මාය. ඇය වෙනම නිවසක තනිවම ජීවත්වේ. නිවාඩුවට පැමිණ සිටි හමුදා සෙබළා රාත්‍රි දහයට පමණ නිවසේ දොර ඇරගෙන ගොස්‌ දැල්වෙමින් තිබූ කුප්පි ලාම්පුව නිවා දෙවරක්‌ ඇයව දූෂණය කර ඇත.

බීමත්ව සිටි හමුදා සෙබළාට ඇඳමත නින්දගොස්‌ ඇති අතර පසුව ආච්චිඅම්මා කුප්පි ලාම්පුව දල්වා කෑගසා තිබෙන අතර එයින් අවදි වූ

හමුදා සෙබළා ඇයගේ මුඛයට රෙදි කැබල්ලක්‌ ඔබා ඇත. කෑගැසීම ඇසී අසල්වැසි නිවසේ පදිංචිකරුවන් පැමිණි අවස්‌ථාවේ හමුදා සෙබළා පලාගොස්‌ තිබේ.

මේ සම්බන්ධයෙන් දඹගල්ල පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හඳුනාගෙන තිබේ.

අතවරයට ලක්‌වූ කාන්තාව වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා මොනරාගල දිස්‌ත්‍රික්‌ මහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර සැකකරු ඊයේ (2 දා) මොනරාගල මහෙස්‌ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.

දඹගල්ල පොලිස්‌ ස්‌ථානාධිපති වේහිත දේශප්‍රිය මහතා පරීක්‍ෂණ පවත්වයි.
 
Related Posts with Thumbnails