Ads 468x60px

.

වේයන්ගොඩ - මීරිගම මාර්ගයේ ගමන් ගනිමින් සිටියදී පබා රිය අනතුරක

පාර්ලිමේන්තු මන්ත්‍රීනි හා ටෙලි නිළි උපේක්ෂා ස්වර්ණමාලී ගමන් ගනිමින් සිටි ජීප් රථය ඊයේ (14) ඉරිදා සවස රිය අනතුරකට ලක්වී තිබෙනවා.

ජීප් රථය වේයන්ගොඩ - මීරිගම මාර්ගයේ බොකලගම මංසන්ධිය ආසන්නයේ ගමන් ගනිමින් සිටින අවස්ථාවක පාරේ ගමන් කළ ත්‍රීරෝද රියක හැපී තිබෙනවා.

මෙම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ එක් පුද්ගලයෙකුට තුවාල සිදුවී ඇති අතර අනතුරින් පසු පබා සහ

රියදුරා වාහනයෙන් බැස අවට ප්‍රදේශවාසීන්ගේද උදව් ඇතිව එම පුද්ගලයා වතුපිටිවල රෝහලට ඇතුළත් කරවන ලද බව පැවසේ. 

පබාට හෝ ජීප් රථයේ රියදුරුට අනතුරින් කිසිදු තුවාලයක් වී නැත. මන්ත්‍රීවරියගේ රියදුරා සහ ජීප් රිය පොලීස් භාරයට ගනු ලැබීය.
 
Related Posts with Thumbnails