'හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් ' වන අප විසින් පසුගියදා "බුදුන් වැඩි රටේ ජය ශ්‍රී මහා බෝධිය ලඟත් NIGHT CLUB" යනුවෙන් හෙළිදරව් කරණ ලද පුවතට අනුව අනුරාධපුර පූජා නගරයට ආශ්‍රිත ප්‍රදේශයක පවත්වා ගෙන ගිය රාත්‍රි සමාජශාලාව පොලිසිය විසින් වසා දමා තිබෙන බව අපට දැන ගන්නට ලැබුනා.
එම සමාජශාලාව මීට වසර එකහමාරකට පෙර සිට පවත්වාගෙන ගොස් තිබූ අතර ''හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් ' වන අප විසින් ඒ පිළිබඳව පසුගිය 26 වැනිදා හෙළිදරව් කරනු ලැබුවා.
එම හෙළිදරව්වත් සමග එහි හිමිකරු පොලිස් අධිකාරි කාර්යාලය වෙත පැමිණ එම රාත්‍රි සමාජශාලාව පවත්වාගෙන යැම පිළිබඳ විවාදාත්මක
කරුණු දැක්‌වීමක්‌ද සිදු කර තිබු බවද සැලයි. එහෙත් එම කරුණු දැක්‌වීමද නොසලකා රජයේ ඉහළ නියෝගයන් මත දැන් එම සමාජ ශාලාව වසා තිබෙනවා.
මෙම රාත්‍රි සමාජශාලාව පවත්වාගෙ ගිය ව්‍යාපාරිකයාව අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි කාර්යාලය වෙත කැඳවා ඔහුට තදින් අවවාද කර තිබන අතර මෙම සමාජශාලාව අවට ප්‍රදේශයේ පොලිස් රැකවල් යොදවා එහි ක්‍රියාකාරකම් නිතරම පරීක්‍ෂා කිරීමටද පොලිසිය කටයුතු කරමින් සිටින බව තව දුරටත් අප වෙත වාර්තා වෙනවා.
බුදුන් වැඩි රටේ ‘ජය ශ්‍රී මහා බෝධිය ලඟත්’ NIGHT CLUB