අද පෙරවරුවේ පැවැති 67 වන නිදහස් උළෙල සඳහා හිටපු යුද හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහතා සහභාගි නොවූයේ ආරක්‍ෂාව
සම්බන්ධයෙන් ඇතිවූ ගැටලූවක් හේතුවෙන් බව පවසයි.
උළෙල සඳහා සහභාගි වන ලෙස නිල ආරාධනාවක් ලැබුණද පවතින වාතාවරණය හමුවේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි වී ඇති බවත් තමාට හිරිහැර සිදුකළ ආරක්‍ෂක අංශ නිලධාරීන් සහ දේශපාලනඥයන් මේ වනවිට වත්මන් ආණ්ඩුවේ තනතුරු හෙබවීමත් ප්‍රශ්නකාරී බව ද ඔහු පවසයි.
කාට කුමන ආකාරයෙන් අමතක වුවද තමාට සිදුකළ හිරිහැර කිසි දිනෙක අමතක කළ නොහැකි බවයි සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.