කැළණිය - පට්ටිවිල ප‍්‍රදේශයේ පරිප්පු සැකසුම් කර්මාන්තශාලාවක පරිප්පු පිරවූ ටැංකියක් කඩා වැටී පුපුරා යාමෙන් පසු අතුරුදන් වූ එහි සේවකයාගේ මෘත ශරීරය අද සොයාගෙන තිබෙනවා.
අතුරුදන්වූ සේවකයා සෙවීමේ මෙහෙයුම් සඳහා කැළණිය ඇතුලූ අවට පොලිස් ස්ථාන 5 ක නිලධාරීන් සහ පනාගොඩ යුද හමුදා කඳවුරේ විශේෂ බලකායේ සෙබලූන්ද එක්ව සිටියා. මීට අමතරව පරිප්පු ඉවත්කිරීම සඳහා බැකෝ යන්ත‍්‍ර දෙකක්ද යොදවා තිබූ බවයි එහි සේවකයන් ප‍්‍රකාශ කළේ.
කම්හලේ පරිප්පු ගබඩා කර තිබූ ටැංකියක් පුපුරා යාමෙන් පෙරේදා රාත‍්‍රියේ සිට මෙලෙස අතුරුදන්ව සිටියේ මොණරාගල පදිංචි හර්ෂණ තිලකරත්න නමැති 24 හැවිරිදි තරුණයෙක්.
කන්ටේනර් බහාලූම් තුළින් රැගෙන එන පරිප්පු පොම්පයක් ආධාරයෙන් කම්හලේ මෙම ටැංකියට ඇසුරුම් කරනවා. අඩි 20 ක දිගින් යුත් බහාලූම් 40 කට වැඩි සංඛ්‍යාවක රැගෙන එන පරිප්පු එහි ගබඩා කළ හැකි බවයි සේවකයන් පවසන්නේ. මෙම අනතුර සිදුවන විට බහාලූම් 60 ක පමණ පරිප්පු එහි ගබඩා කර තිබූ බව සේවකයන් ප‍්‍රකාශ කළා.
පරිප්පු ගොඩට යටවූ තරුණයාගේ සිරුර අද දිනයේ ගොඩගත් හිරු වීඩියෝව මේ වන විට අප වෙත ලැබී තිබෙනවා. එය පහතින් නරඹන්න.