පසුගිය වසර කිහිපය තුලම වරින් වර කහවත්ත කොටකෙතන ප්‍රදේශය තුල කාන්තාවන් ඝාතනය වීම් රැසක් වාර්තා වීම පසුගිය සමයේ සුලභ සිද්ධියක් විය. 2008 වර්ෂයේ ආරම්භ වූ මෙම ඝාතන සිද්ධීන් ගැන විවිධාකාරයෙන් විවිධ පුද්ගලයින් කතා බහ කරමින් තම මත ඉදිරිපත් කළහ. එහෙත් එය මත ඉදිරිපත් කිරිමකටම සීමා විය.
කාන්තාවන් ඝාතනය කළා යයි සාක්ෂි හමුවූ සහ පාපොච්චාරණය කරන ලද පුද්ගලයින් රැසක්ම අත්අඩංගුවට ගන්නා ලදී. එහෙත් කහවත්ත කොටකෙතන ගම්මානයේ සිදු වූ කාන්තා ඝාතනයන් නැවතුනේ නැත.
මෙහි විශේෂත්වය නම් සෑම ඝාතනයක්ම එකම ආකාරයට සිදුවීමයි. මෙහි නවතම ඝාතන සිදුවීම වාර්තා වුයේ පසුගිය දිනෙක පුතෙකු තම මව
ඝාතණය කිරීමයි. එම තරුණයා විසින් තම මව ඝාතනය කල බව පසුව අනාවරණය වූ අතර එය එම ගම්මානයේ සිදුවූ 18 වැනි ඝාතනයයි.
මේ පිළිබඳව VIP Radio හි විකාශනය වූ සච්චගවෙසි වැඩසටහනකදී සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේට ප්‍රශ්නයක් යොමු වූ අතර උන්වහන්සේ ප්‍රකාශ කල සිටියේ මේ ඝාතණ පිටිපස තිබෙන්නේ අමනුෂ්‍ය බලපෑමක් බවත්, කිසිදු ලෙසකින් පිරිත් සජ්ජායනා කල පමණින් හෝ තොවිල් ආදී ශාන්තිකර්ම කල පමණින් මෙය ඉවත් කිරීමට කල නොහැකි බවයි.
මෙය නැවත්වීමට කල හැකි එකම ක්‍රමය මිනිසුන්ගේ සිත් පිරිසිදු කිරීම බවත්, එය කල හැක්කේ තමන්වහන්සේටම පමණක් බවත්ය. ඉදිරි දිනයකදී උන්වහන්සේ ඇතුළු සංඝයා කිසිවකු උදව් කලත් නොකලත් එම ගම්මානයට වැඩ, එම අහිංසක භීතියට පත්වූ මිනිසුන් හට ශාන්තියට පත්වන මාර්ගය දේශනා කොට එම තුන්බියෙන් ගලවා ගන්නා බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.
වීඩියෝව නරඹන්න !
https://www.facebook.com/ashramaya/videos/829126830507343/?video_source=pages_finch_thumbnail_video
Dhamma Jaatha Thero
Siri Sadham Monastery,
Bellanthara, Dehiwala.
+9477 3 686 686, +9477 3 773 847,
+9411 2 732 700