කුඩාකල සිට පැවති හිසේ කැක්කුමක් නිසාවෙන් සිය දියණිය දුක්විඳින අයුරු දරාගත නොහැකි වූ පියෙක් ඇයව වෙඩිතබා ඝාතනය කළ පුවතක් කැනඩාවෙන් වාර්තා වනවා.
මෙම රෝගි තත්වය නිසාවෙන් පාසැල් අධ්‍යාපනය මෙන්ම ඇයගේ සාමාන්‍ය ජීවන රටාව පවා වෙනස් වී ඇති අතර විශේෂ හැකියාවක් ලෙසින් පැවති ඇයගේ ගායන හැකියාවද මේ හේතුවෙන් නැතිවී ගොස් තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ඇය දැඩි කලකිරීමෙන් පසුවී ඇති අතර නිවසේ අයද මේ හේතුවෙන් දුකසේ කල් ගතකොට තිබෙනවා. වේදනාව දරාගත
නොහැකි වූ පියා කාටත් හොර රහසේම තමන්ගේ මෙම දියණියට වෙඩිතබා ඝාතනය කර ඇත්තේ නිවස තුළමයි.
එමෙන්ම සිය බිරිඳ විසින් දියණිය මියගිය බව දැනගෙන ශෝකයට පත්වේ යැයි සිතා ඇයවද මොහු විසින් ඝාතනය කර තිබෙනවා. තවද ඔහුගේම සහෝදරියක්වද මොහු ඝාතනය කර ඇත්තේ බිරිඳ හා දියණිය ඝාතනය කලායැයි ඇය දැනගෙන ලැජ්ජාවට පත්වේ යැයි බියෙන්.
මෙලෙස පවුලේ තිදෙනෙකුව මරාදැමූ මොහුද සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් එලෙස දිවිනසාගන්නට ප්‍රථමයෙන් මොහු විසින් ලිපියල් ලියා එය ෆේස්බුක් ඔස්සේ පලකර තිබෙනවා.
මෙලෙස පවුලම ඝාතනය කිරීමට හේතූන් රැසක් මෙන්ම ජීවිතයේ පැමිණි විවිධ බාධාවන් පිළිබඳ ඔහු එහි සඳහන් කර තිබෙනවා.
ඔහුගේ ෆේස්බුක් ලිපිය පහතින්........