අමෙරිකානු ජාතික සාගරික සහ වායුගෝලීය පාලනාධිකාරිය පවසන්නේ, මධ්‍යම ප්‍රදේශවල පවතින උණුසුම් තත්ත්වය තවදුරත් නරක අතට හැරීමේ ඉඩකඩ පවතින බවයි.
සාමාන්‍යයෙන් වාර්ෂිකව උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් අමෙරිකාව තුළ පුද්ගලයෝ 162දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වෙති.
අමෙරිකාවට බලපා ඇති උණුසුම් තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 13දෙනකු ජිවිතක්ෂයට පත්ව තිබේ. එරට කාලගුණ මධ්‍යස්ථානය පැවසුවේ, මොන්ටානා ටෙක්සාස් සහ බටහිර වර්ජීනියා ඇතුළු ජනපද 18ක බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 38ක් පමණ වන බවයි.
ඉදිරි දින කිහිපයේදී පවතින උණුසුම් කලගුණික තත්ත්වය රටේ නැගෙනහිරට ද ව්‍යාප්තවනු ඇති බවට අනාවැකි පළ වේ.