සිද්ධියෙන් මියගොස් ඇත්තේ කැබිතිගොල්ලෑව හල්මිල්ලවැටිය ප‍්‍රදේශයේ පදිංචි හතළිස් තුන් හැවිරිදි දෙදරු පියෙකු වන පිටකඩුව ලොකු ගමගේ සරත් කුමාර නමැති අයෙකි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා මීට පෙර පොලිස් කොස්තාපල්වරයෙකු හා සිවිල් ආරක්ෂක භටයෙකු ලෙස සේවයකොට සේවය හැරගිය අයෙකි.
එම ඝාතනය සිදු කළ බවට සැක පිට අදාළ මියගිය පුද්ගලයාගේ බිරිඳ ඊයේ (20) උදේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පෙරේදා රාත‍්‍රි 9.30 ට පමණ මෙම ඝාතනය සිදුව ඇතැයි පොලිස් මූලික පරීක්‍ෂණ වලින් හෙලිවී ඇත.
ඔහු පෙරේදා රාත‍්‍රියේදී අධික ලෙස බීමත්ව පැමිණ සිය බිරිඳ සමඟ ආරවුලක් ඇතිකර ගනිමින් ඇයට හිරිහැරකොට පොල්ලකින් පහරදීමට තැක් කළ අවස්ථාවේ බිරිඳ එම පොල්ල උදුරාගෙන පෙරළා සිය සැමියාට පහරදී ඇති බවත්, එම අවස්ථාවේ ඔහු මියගොස් ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.