තෙබුවන පොලිස් බල ප්‍රදේශයට අයත් අරප්පලකන්ද වතුයාගේ ගී්‍රස් භූතයකු සැඟව ඇතැයි පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව එම ප්‍රදේශය පූර්ණ පොලිස් පරීක්‍ෂාවකට ලක්‌කර ඇති අතර, කිසිදු සැකකටයුතු පුද්ගලයකු සොයා ගැනීමට නොහැකි වී ඇතැයි පොලිසිය පවසයි.
එම වතුයායේ සේවය කරන සේවිකාවන් පිරිසක් ගල්කුලක් මත සිටින කාල වර්ණ පුද්ගලයකු දැක ඇතැයි පැවසෙන අතර, සේවිකාවන් පිරිස දුටුවිට එම පුද්ගලයා සැඟවුණු බවත් එම සේවිකාවන්ද සේවය කිරීම අතහැර පළාගොස් ඇති අතර, එම ආරංචිය අනුව බොහෝ සේවිකාවන් වතුයාය තුළ සේවය කිරීමට අකැමැත්ත පළකළ බවද වාර්තාවේ.
මේ පිළිබඳ තෙබුවන පොලිසිය තවදුරටත් පරීක්‌ෂණ පවත්වන බව තෙබුවන පොලිස් ස්‌ථානාධිපති පොලිස් පරීක්‌ෂක සමන් ගුණතිලක මහතා පැවසීය.