දෙහිවල මුහුදු වෙරළ අසල දුම්රිය මාර්ගයේදී ඊයේ (04 වැනිදා) දහවල් දුම්රියේ ගැටීමෙන් තරුණයෙක් සහ තරුණියක් මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ නුගේගොඩ උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි ෂෙහාන් තාරුක පෙරේරා (22) හා කළුබෝවිල රෝහල ඉදිරිපිට පදිංචි පිලින්දගේ විහානා (18) නමැති දෙදෙනෙකි.
තරුණයා හා තරුණිය දුම්රිය මඟේ ගමන් කරමින් සිටියදී දුම්රියක් පැමිණෙනු දැක යාබද දුම්රිය පීල්ලට මාරුවීමත් සමග එම පීල්ලේ පැමිණි දුම්රියක වැදී අනතුර සිදුවී ඇතැයි දෙහිවල පොලිසිය පවසයි.
දෙහිවල පොලිස් ස්‌ථානාධිපති ප්‍රසන්න බ්‍රාහ්මණ මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් (13096) සමන් මහතා වැඩිදුර විමර්ශන සිදු කරයි.