ෆේස්බුක් වෙබ් අඩවියේ නිර්මාතෘ Mark Zuckerberg ගේ නැගණිය වන Randi Zuckerberg ෆේස්බුක් සමාගමෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්ථා වේ.
මෙතෙක් ෆෙස්බුක් වෙබ් අඩවියේ අලෙවි අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කල ඇය ෆේස්බුක් සමාගමෙන් ඉවත් වී තමාගේම සමාගමක් ආරම්භ කිරීමට කටයුතු කරන බව පවසා සිටියා ය.
RtoZ Media ලෙස නම් කරඇති ඇයගේ නව සමාගම විවිධ වෙළඳ සමාගම් සමාජගත කිරීමේ කටයුතු වල යෙදෙන සමාගමකි.
කෙසේවෙතත් ෆේස්බුක් හි සීඝ්‍ර දියුණුව කෙරෙහි Randi ගේ සහය අති මහත් බවත් ඇය නොමැති අඩුව ෆේස්බුක් වෙබ් අඩවියට බොහෝසෙයන් බලපානු ඇති බවත් බොහෝ විචාරකයන්ගේ මතයයි.