අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මොහුගෙන් ප්‍රශ්නකරන අතරතුරදී
ඔහු මෙම පාපොච්චාරණය සිදුකර තිබේ. දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ ප්‍රබල
ආධාරකරුවකු වන 'දෙමටගොඩ චමින්ද' නැමැත්තා භාරත ලක්ෂ්මන් ඝාතනයෙන් පැය දෙකකට
පසු ඉන්දියාවේ චෙන්නායි නුවරට පළාගොස් තිබූ අතර චෙන්නායි නුවරදී ඔහු
අත්අඩංගුවට ගත් බව පසුගියදා මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කෙරිණි.
මත්
කුඩු තොගයක් සමග පුත්තලමේදී අත්අඩංගුවට ගත් 'කුඩු රුවන්' නැමැත්තාගේ බාල
සහෝදරයා වන චමින්ද නැමැත්තාද මත් කුඩු ව්‍යාපාරයේ යෙදී සිටි පුද්ගලයෙකු වන
අතර 2007 වසරේ සිට දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ සමීපතමයකු බවට පත්වී ඇත.