ජනාධිපති වෘත්තීය සමිති උපදේශක භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතනයේ ප‍්‍රධාන සැකකරු වන කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා මීට ස්වල්ප වේලාවකට ඉහතදී වැඩිදුර ප්රතිකාර සඳහා පෞද්ගලික ජෙට් යානාවකින් සිංගප්පූරුවේ ‘මව්න්ට් එලිසබර්ත්’ රෝහල කරා රැගෙන ගිය බව වාර්තාවේ.
ඊයේ රාතී‍්‍ර 9.35 ට පමණ ශී‍්‍ර ජයවර්ධනපුර රෝහල වෙත පැමිණි අවි ගත් පුද්ගලයින් රැගත් වාහන 20 ක් සහ ගිලන් රථ 04 ක් මගින් ‘දුමින්ද’ රත්මලාන ගුවන් තොටුපොළ වෙත රැගෙන ගොස් ඇති අතර, පසුව රත්මලානේ සිට හෙලිකොප්ටර් යානාවකින් දුමින්ද සිල්වා කටුනායක දක්වා රැගෙන ගොස් තිබේ.
මෙසේ රැගෙන එනු ලැබූ දුමින්ද සිල්වා ආගමන
විගමන නීතිරීතිවලින් පරිබාහිරව කෙලින්ම පෞද්ගලික ජෙට් යානාවක් මගින්
සිංගප්පූරුව බලා රැගෙන ගොස් ඇත.
‘දුමින්ද’ සමග ඔහුගේ පියා හා වැඩිමහල් සොයුරා වන රේනෝද සිල්වා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති අතර, කලින් සැලසුම් කර තිබූ ආකාරයට ‘දුමින්ද’ ඇමරිකාව හෝ එංගලන්තය බලා ප‍්‍රතිකාර සඳහා රැගෙන නොගොස් ඇත්තේ, ඒ සඳහා ගත වන ගුවන් කාලය රෝගී තත්ත්වය වෙත අහිත කර ලෙස බලපෑ හැකි බවට වෛද්‍යවරුන්ගේ උපදෙස් මත බව වැඩිදුරටත් වාර්තාවේ.

පසුගිය 8 වනදා මුල්ලේරියාවේදී සිදුවූ වෙඩි
හුවමාරුවේදී වෙඩි වැදී බර බතළ තුවාල ලබා ජයවර්ධන පුර රෝහලට ඇතුළත් කරනු ලැබූ
'දුමින්ද' මන්ත්‍රීවරයා හැකි ඉක්මනින් විදේශ ගත කිරීමට කටයුතු කරන
ලෙස දැනුම් දී ඇති බව ඉතා
විශ්වාසවන්ත කටයුතු මාර්ගවලින් වාර්තා වේ.භාරත ලකෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ
ඝාතනයට එරෙහිව ආණ්ඩුවේ අභ්‍යන්තරයෙන් නැග එන බලවත් විරෝධය කිසියම්
මට්ටමකින් හෝ සමනය කර ගැනීම සඳහා දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා රටින්
බැහැරකර තිබීම අතිශයින් වැදගත් බව ජනාධිපතිවරයාගේ අදහස වී ඇත.