Ads 468x60px

.

අධිවේගියේ බල්ලෝ එන එක නවත්තන්න වෙනම දැලක් දාලා

දක්ෂිණ අධිවේගී මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ඊයේ පෙරවරුවේ විවෘත කෙරුණා. පෙරවරු 10.45 ට යෙදුනු සුභ මොහොතින් අධිවේගී මාර්ගයට පිවිසෙන ගාල්ල සිමෙන්ති කම්හල අසල සමරු පලකය ජනාධිපතිතුමා විසින් නිරාවරණය කරනු ලැබීමෙන් අනතුරුව පින්නදුව ප‍්‍රවිශ්ඨ මාර්ගය අසලදී ජනාධිපතිවරයා විසින් ප‍්‍රවේශ පත‍්‍රයක් මිළදී ගෙන සිය මෝටර් රථයෙන් කරන්දෙණිය බලා ගමන් ආරම්භ කළා . 
කොට්ටාව සිට කුරුදුගහහැතැක්ම වන තෙක් ඇති කිලෝමීටර් 65 දක්වා ණය ලබාදී ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුවෙනි. ඉතිරි ප්‍රමාණය සදහා ණය ලබාදී ඇත්තේ චීන අපනයන බැංකුවෙනි. වියදම් කර ඇති මුළු මුදල රුපියල් බිලියන 85කි. මේ අනුව එක් කිලෝමීටරයක් සඳහා වැය කර ඇති මුදල මිලියන 850කට අධිකය. මෙම මාර්ගය කොළඹ කොට්‌ටාව සිට ගාල්ල පින්නදූව දක්‌වා කිලෝ මීටර් 95.2 දුර දිවෙන අතර පිවිසුම් දොරටු අටකින් සමන්විතය. එම පිවිසුම් දොරටු ඇත්තේ කොට්‌ටාව, කහතුඩුව, ගැලනිගම, දොඩන්ගොඩ, වැලිපැන්න, කුරුඳුගහහැතැප්ම, බද්දේගම හා පින්නදූව ප්‍රදේශවලයි.මේ වනවිට මංතීරු 4කින් සමන්විත වන අතර ඉදිරියේ දී මෙය මංතීරු 6ක් දක්වා වැඩි කිරීමට ඉඩම් පවරාගෙන ඇතැයි පැවසෙනවා. මෙම අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් 100 ක උපරිම වේගයෙන් ධාවනය කළ හැකි වන අතර අවම වේගය මාස හයකට පසු පනවන බවයි වාර්තා වෙන්නේ.

කොට්ටාවේ සිට අධිවේගී මාර්ගයට පිවිසෙන්නෙකුට කිලෝමීටර් 44ක් දුරින් ඉන්ධන පිරවුම් හලක් පිහිටුවා තිබෙනවා. ගැලනිගම ප්‍රධාන හදිසි අනතුරු ඒකකය පිහිටා ඇති අතර කුරුඳුගහ හැතැප්ම හදිසි අනතුරු ඒකක දෙකක් ස්ථාපිත කර තිබෙනවා.අධිවේගී මඟෙහි යොදවා ඇති මාර්ග සංවර්ධන කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව 500 කි. පොලිස් නිලධාරින්ගේ සංඛ්‍යාව ද 500කි. කාර් 9ක්, යතුරු පැදි 9ක්, ගිලන්රථ 6ක්, පොලිස් රථ වාහන 2ක්, බවුසර් 3ක්, ගිනි නිවන රථ 3ක් මේ වන විට සේවයේ යොදවා තිබෙනවා. 


හදිසි අවස්ථාවකදී අධිවේගී මාර්ගයේ පොලීසියට 1969 අංකයට ඇමතීමෙන් දැනුම්දීමට පුළුවන.

අධිවේගී මඟට ප්‍රවිශ්ට වීමේ දී ටිකට්පතක් නිකුත් කරනු ලබන අතර පිටවීමේ දී මුදල් අය කෙරේ. මාර්ගය විවෘත කිරීමේ උත්සවය සඳහා විවිධ රටවල් නියෝජිනය කරමින් රාජ්‍ය තාන්ත‍්‍රිකයින් රැසක් සහභාගි වන අතර ඒ සඳහා සහභාගි වීමට ජපාන විශේෂ නියෝජිත යසුෆි අකාෂි මහතාද මෙරටට පැමිණ සිටිනවා මෙම අධිවේගී මාර්ගය පිළිබඳ රජයේ ඇමතිවරයෙකු වන විමල් වීරවංශ මහතා පවසන්නේ මෙවැන්නක්. ඔහු මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ වීර මොනරවිල කැප්පෙටිපොල නිළමේතුමා මව් බිම වෙනුවෙන් දිවි පුදා වසර 193 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඊයේ පස්වරුවේ කොළඹ පැවති උත්සවයකට සහභාගි වෙමිනි.

අධිවේගී මාර්ගය ඉදි කොට ඇත්තේ මෙරට මූලික උවමනාවන් ජන අභිලාෂයන් නොකතකමින්, ඇතමුන්ගේ ජීවන සතුට අහිමි කර තිබෙනවා. ‘ගොවියගේ කුඹුර ඒ පැත්තේ හිටියොත් ඒකට මේ පැත්තට එන්න ආයේ අර වටරවුම් මාර්ගයක් හරහා එන්න වෙනවා. දැන් කුඹුරේ ඉතිරි කෑල්ල කොහොම ද කරන්නේ කියලා ඒ ගොවියා ‍ඔළුවෙ අත තියාගෙන කල්පනා කරනවා. අපි පිඹලා යනවා. අඩු ගානේ මේ පරිසරය ගැන මේ කාෂිකර්මාන්තය ගැන මොකක් හරි හාංකවිසියක හැගීමක් තිබ්බනම් කීයක් හරි වැඩියෙන් ගියත් අර කොන්ක්‍රීට් කණු උඩ එපැයි ඔය පාර හදාගන්න ඒක හිතන්නේ නැත්තේ ඇයි.

ඊළඟට නෑදැයෝ වෙන්කරනවානේ දෙයි හාමුදුරුවනේ අර පැත්තේ හිටියා තාත්තා මේ පැත්තේ හිටියා දූ. දැන් ඉතින් පළයං වටරවුම් මාර්ගයෙන් එන්න වෙනවා. ඕක හදන්නම ඕනි නම් අර කොන්ක්‍රීට් කණු උඩ ගියා නම් ඕක අස්සෙන් රිංගලා යයිනේ යන මිනිහෙක්. දැන් මේකේ පස් කණ්ඩිය හින්දා බල්ලෝ එන එක නවත්තන්න වෙනම දැලක් දාලා ඒ දැළට යන්න ඇති සෑහෙන වියදමක්’
බවයි ඔහු කියා සිටින්නේ

කොට්ටාව සිට ගාල්ලට සම්පූර්ණ දුර යන්නේ නම් වාහන සඳහා අය කරන ගාස්තු මෙසේය.

කාර්, කැබ්, වෑන්(ආසන 9 දක්වා), ලොරි (ඇක්සල් දෙක හා රෝද 4) සඳහා
ගාස්තුව රු. 400/- කි.
ආසන 9-22 වෑන්, බස් රථ සඳහා
ගාස්තුව රු. 700/- කි.
ආසන 22ට වැඩි බස් රථ, රෝද 6 හෝ ඇක්සල් 3 ලොරි සඳහා
ගාස්තුව රු. 1,500/- කි.
ඈඳූ මෝටර් කෝච් බස් රථ හා ඇක්සල් 4 ලොරි සඳහා
ගාස්තුව රු. 2,000/- කි.

පාපැදි, මෝටර් සයිලක්, ත්‍රීවීල් හා ට්‍රැක්ටර් වලට මෙම මාර්ගයට ඇතුල්වීමට ඉඩ නොලැබේ
මාර්ගයට අනවසරයෙන් ඇතුල්වන්නන් සඳහා දඩය රු. 5,000/- කි.

පහතින් දැක්වෙන්නේ දැනට ඉදිකර ඇති සහ ඉදිකරමින් පවතින ගොඩගම දක්වා වන මාර්ග සැලැස්මයි


 

අධිවේගී මාර්ගයේ විවෘත කිරීම සජීවී නැරඹීම පහතින්

























 

 




 
Related Posts with Thumbnails