Ads 468x60px

.

මම කිසිම නාට්‍යකට පොලු තියලා නැහැ....

ඔයා නිර්මාණ වලට පොලු තියලා යනවා...අධ්‍යක්ෂක
 
මම ගැන දන්න මිනිස්සු මාව හොඳින් දන්නවා...මේනකා 
 
මට කිව්වා අත්තිකාරම් මුදලයි පිටපතයි ගිවිසුමයි තුනම ආපහු දෙන්න කියලා...
 
නව පරපුරේ ජනප්‍රිය නිලියක් වන මේනකා පිරිස් සම්බන්ධයෙනුත් පසුගියදා කටකතාවක් පැතිරුනා.ඒ ඇය විසින් බාරගත් වාසිත සමරනායකගේ ජීවිතයම හීනයක් ටෙලිනාට්‍යයේ රූගත කිරීම් අතරතුර පුද්ගලිකව යොදා ගත් වෙනත් කටයුත්තකට යාමට අවසර ඉල්ලා තිබෙන අතර එහිදී ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් ඇය එම ටෙලියෙන් ඉවත්වෙන බවත් ගිවිසුමෙන් වැඩක් නෑ…ඕනේ නම් නඩු දාන්න යැයි පවසා එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවත් වාර්තා වී තිබුනා.
 
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මේනකා පිරිස් පවසන්නේ එම කටකතාව වැරදි වැටහීමකින් සිදු කල එකක් බවයි.මේ ඒ සම්බන්ධයෙන් ඇය ලබා දුන් පිළිතුර …
 
මට ඒ ටෙලි නාට්‍යට අරාධනා ලැබුනේ පෙබරවාරි මාසයේදී.මාර්තු මාසයේ තමයි ගිවිසුම් අත්සන් කලේ.ඊට පසුව ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කල් ගොස් නැවත ජුනි වල ආරම්භ කරනවා කියලා මගෙන් සහය අධ්‍යක්ෂක වරයා දින ඉල්ලා සිටියා.ඒ අතරේ මට මුලින් ලැබුන පිටපතේ තිබුනේ ලීසා කියන චරිතය.නමුත් රූගත කිරීම් පටන් ගන්න කොට ඒ පිටපත වෙනස් කරලා හිරුනි කියලා චරිතයක් තමයි ඔවුන් මට ලබා දුන්නේ.
 
මම ඒ ගැන ඔවුන්ගෙන් විමසු විට සහාය අධ්‍යක්ෂකවරයා පැවසුවේ ඉදිරියේදී ඒ චරිතය වෙනස්වේවි කියලා.ඒ අතරේ සහය අධ්‍යක්ෂකවරයා ජුනි 8 වැනිදා රූගත කිරීම් වලට අරාධනා කළා.මට ජුනි 9 වෙනිදා නර්තන විභාගයක් පැවැත්වුනා.එවිට මම පැවසුවා 8 වෙනිදා දිනය දෙන්න අපහසුයි කියලා.මොකද 9 වැනිදා විභාගයක් තිබෙන නිසා.මම සහය අධ්‍යක්ෂකවරයාට පැවසුවා 9 වැනිදායින් පසුව ඕනෑම දිනයක් දෙන්නම් කියලා.ඒ අතර මම වැහිලිහිණි ටෙලිනාට්‍යයේ දිනත් විභාගය නිසා ඔවුන් සමග කතා බහ කර වෙනස් කරගත්තා.
 
ආපසු ඔවුන් මට ජුනි 13,17 ,18 ,20 දින ලබා දුන්නා.ඊට පසුව මම 13 රූගත කිරීම් වලට සහභාගී වුනා.එදා රාත්‍රී 8 .30 වෙනකම් සිද්ධීන් දෙකක් විතරයි රූගත කිරීම් සිදුකලේ.මම ගෙදර ඇවිත් 14 වෙනිදා වැහිලිහිණි රූගත කිරීම් වලට දායක වුනා.එදාම හවස අපි සුමින්ද සිරිසේන කලාකරුවා වෙනුවෙන් ලොකු බෝධි පුජාවක් බෙල්ලන්විල පවත්වන්න සුදානම් කරලා තිබුනා.
 
මම ගයාන් ,චතුරිකා අක්කා ඇතුළු පිරිස තමයි එය සංවිධානය කලේ.යලි අපි 15 වැනිදාත් බෝධි පුජාව සිදු කළා.එදා අපි තීරණය කළා දවස් හතම බෝධි පුජාව පවත්වන්න.එවිට අපි සම්බන්ධ වී සිටින ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරුන් සමග රූගත කිරීම් වේලාවන් පිළිබඳව කතා බහ කරගත්තා.මොකද මේ දවස් හත විතරක් ඉක්මනින් රූගත කිරීම් අවසන් කරන්න.
 
එවිට කතා කරපු හැම අධ්‍යක්ෂකවරයෙක්ම ඊට එකඟ වුනා.මොකද ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්ත චරිතයක් රෝගාතුර වෙලා ඉන්න නිසා.අනික ඔහුට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරලයි අපි මේ බෝධි පුජාව සංවිධානය කලේ.
 
ඒ හින්දා මම 15 වැනිදා වාසිතගේ නිෂ්පාදන කණ්ඩායමට දුරකතනයෙන් කතා කරලා කිව්වා 20 වැනිදා සවස 3.00 ට මාව රූගත කිරීම් වලින් නිදහස් කරන්න කියලා.මම ඒ වෙලාවේ ඔවුන්ට කිව්වේ මගේ පෞද්ගලික හේතුවකට කියලා.
 
පසුව ඔහු කිව්වා එහෙම කරන්න බැහැ කියලා .20 වෙනිදා රූගත කිරීමට අනිවාර්යෙන්ම එන්න කියලා ඔවුන් කිව්වා.විභාගය නිසා 8 වැනිදාත් ඔයා නිවාඩු  ගත් නිසා එදා ආපු නැති එකේ රූගත කිරීම් 20 වැනිදා සිදුකරනවා කියලා කිව්වා.
 
මාව මේ නාට්‍යට සම්බන්ධ කරගත්ත සුරාජ් ට කතා කරලා කිව්වා අපි කරන්න හදන වැඩේ නිසා මාව 3 ට නිදහස් කරන්න නිෂ්පාදක මණ්ඩලයට කියන්න කියලා.ඔහුත් කිව්වා එහෙම කරන්න බැරිවේවි.නමුත් මම කතා කරලා බලන්නම් කියලා.
 
ඒ කොහොම වුනත් ඔවුන්ට මම 16 වැනිදා කතා කලහම කවුරුත් මගේ දුරකථන ඇමතුම් වලට සම්බන්ධ වුනේ නැහැ.එත් 17 වැනිදා රූගත කිරීම් සිදු කළා.ඒ බවත් ඔවුන් මට දැනුම් දුන්නේ නැහැ.
 
යලිත් මට සුරාජ් කතා කරලා කිව්වා20 වැනිදා 6.00 ට නිදහස් කරන්නම් ආපසු 7.00 ට එන්න කියලා.එවිට මම කිව්වා 4.00 ට නිදහස් කරන්න ,8.00 ට එන්නම් කියලා.මම සිද්ධිය පැහැදිලි කලත් කවුරුත් ඊට එකඟ වුනේ නැහැ.
 
පසුව මම කිව්වා එහෙම කරන එක අසාධාරණයි.මම මේ වැඩේ කරන්නේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වෙනුවෙන්.තවම සිද්ධි දෙකයිනේ රූගත කලේ.මට අනිවාර්යෙන්ම බෝධි පුජාවට යන්න ඕනා ඒ හින්දා වෙන කෙනෙක් ගන්න කිව්වා.මොකද ඒ බෝධි පුජාව සංවිධානය කල අයගෙන් කෙනෙක් මම.
 
මම වෙන කෙනෙක් ගන්න කිව්වම ඔවුන් මට කිව්වා ඔයා නිර්මාණ වලට පොලු තියලා යනවා කියලත් රාවයක් තිබෙනවා කියලා.එවිට මම කිව්වා මම ගැන දන්න මිනිස්සු මාව හොඳින් දන්නවා.ඒ හින්දා එවැනි කතාවක් කිව්වට මට ප්‍රශ්නයක් නැහැ කියලා.
 
එතකොට ඔවුන් මට කිව්වා නිෂ්පාදක නීතිඥයෙක් නිසා නීතියෙන් කටයුතු කරයි කියලත් කිව්වා.එවිට මම කිව්වා කමක් නැහැ මේ වැඩේට මම අනිවාර්යෙන්ම යන්න ඕනෑ කියලා.මොකද ඔහු ක්ෂේත්‍රයේ සිටින දැවැන්තයෙක්.අනික මම ඔහුට ගෞරව කරන්නේ මගේ තාත්තාට වගේ.සුමින්ද මහතා රෝගාතුර වී රෝහලේ සිටින විට අපට කරන්න පුළුවන් දේ තමයි අපි කලේ.
 
අන්තිමේ ඔවුන් මට කිව්වා අත්තිකාරම් මුදලයි,පිටපතයි,ගිවිසුමයි තුනම ලබා දෙන්න කියලා.මම කිව්වා ගිවිසුම ලබා දෙන්න බැහැ.අත්තිකාරම් මුදලයි පිටපතයි ලබා දෙන්නම් කියලා.කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් අසනීප වෙලා ඉන්න වෙලාවක ඔවුන් වෙනුවෙන් යමක් කරන්න ගිහින් තමයි මේ ප්‍රශ්නය ඇතිවුනේ..”
 
Related Posts with Thumbnails