Ads 468x60px

.

නදීෂා හේමමාලි ආදරියේ ටෙලියේ රූගත කිරීම් මග හැරීම හේතුවෙන් එම ටෙලියෙ වැඩ කටයුතු අඩාලයි

නදීෂාට දිනකට රුපියල් 8000 ක මුදලක්...
නදීෂා එම ටෙලියේ රූගත කිරීම් සඳහා සහභාගිවී ඇත්තේ මාස හයකටත් අඩු කාලයක්...

ජනපි‍්‍රය නිළියක් හා ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක් වන නදීෂා හේමමාලිගෙන් රුපියල් මිලියන 3ක වන්දියක් ඉල්ලා ස්වර්ණවාහිනියේ විකාශවන ආදරියේ ටෙලියේ නිෂ්පාදකයන් විසින් නඩු දැමීමට යන බැව් වාර්තා වේ.


එම ටෙලියේ නිෂ්පාදකයන් හා නදීෂා ඇතිකරගත් ගිවිසුමට අනුව නදීෂා වසරක කාලයක් මසකට දින 15 බැගින් ආදරියේ රූගත කිරීම් සඳහා එක්විය යුතු බව පැවසේ.

ඒ සඳහා ඇයට දිනකට රුපියල් 8,000 ක මුදලක් ගෙවීමට නිෂ්පාදකයන් එකගවී තිබේ.කෙසේවුවද මුලින් නදීෂාට ලබාදීමට එකගවී ඇත්තේ රුපියල් 6,000ක් බවත් පසුව ඇයගේ දැඩි ඇවිටිලි කිරීම මත එය රුපියල් 2,000 කින් වැඩි කිරීමට නිෂ්පාදක කණ්ඩායම එකගවී ඇත.

මෙතෙක් නදීෂා එම ටෙලියේ රූගත කිරීම් සඳහා සහභාගිවී ඇත්තේ මාස හයකටත් අඩු කාලයක් බව පැවසේ.කෙසේවුද ඇය ආදරියේ ටෙලියේ රූගත කිරීම් මග හැරීම හේතුවෙන් මේවන විට එම ටෙලියෙ වැඩ කටයුතු අඩාලවී ඇතැයි ද වාර්තා වේ.

නදීෂා එම ටෙලියේ නිෂාදකයා හා ඇති කරගත් බහින් බස්වීමක් හේතුවෙන් මේ තත්ත්වය ඇතිවී ඇතැයි පැවසේ.නදීෂා පසුගියදා පිළියන්දල ප‍්‍රදේශයේ පෙරවරුවේ කල රූගත කිරීමක ඇඳුම් හවස්වරුවේ
ඳීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා මෙම ගැටුම හටගත් බවද වාර්තා වේ.

ඇය එම රූගත කිරීමට එක්වීමට අලූත් ඇඳුම් සඳහා රුපියල් 15000 ක මුදලක් ඉල්ලා සිට ඇති අතර නදීෂාට දිනකට රුපියල් 8000 ක මුදලක් ගෙවන බැවින් ආදරියේ නිෂ්පාදකයා එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර
තිබේ.

පසුව නදීෂා නිෂ්පාදකට බැනවැදී ඉන් පිටව ගොස් ඇති අතර එම ගැටුමෙන් පසුව අදාල ටෙලියේ අධ්‍යක්ෂ තිසුලදීප තඹවිට නදීෂා යළි ආදරියේ ටෙලියට සම්බන්ධකර ගැනීමට අකමැත්
පලකර ඇතැයිද පැවසේ.

මෙම ටෙලිය කොටස් 200 කින් සමන්විත එකක් වන අතර නදීෂා මෙම ටෙලියට සම්බන්ධවී සිටින්නේ නිර්මල (ධනංජය සිරිවර්ධන) නැමැති මාධ්‍යවේදියාට ඇළුම් කරන විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත සැහැල්ලූ ජීවිතයක් ගෙවන අප්සාරි නැමැති චරිතය සඳහාය.
 
Related Posts with Thumbnails