14 හැවිරිදි පිරිමි ළමයෙකුට ගුද මාර්ගය පාවිච්චි කර ලිංගික අපයෝජනය කල කොස්තාපල්ට වැඩ වරදියි
දැනුණ වේදනාව
නිසා මට සිහි
නැති වුණා...
මහියංගණ විහාරස්ථානයේදී සෙරෙප්පු ජෝඩුවක් සොරකම් කිරීම සම්බන්ධ යෙන් අත්අඩංගුවට ගෙන මහියංගණ පොලිස් කූඩුවේ රඳවා සිටි 14 හැවිරිදි පිරිමි ළමයකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ පුවතක් අප වෙත වාර්තා වෙනවා.
මහියංගණ පන්සලේ තිබූ සෙරෙප්පු ජෝඩුවක් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් පන්සලේ සිටි අයෙක් මෙම පිරිමි ළමයා අල්ලා 2004 සැප්තැම්බර් මස 18 වැනිදා පොලිසියට භාර දී තිබෙනවා. ඉන්පසු පොලිසිය ඔහු මහියංගණය පොලිස් ස්ථානය වෙත ගෙන ගොස් පොලිස් කූඩුවේ රඳවා තිබෙනවා.
අපට වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි
පොලිස් කොස්තාපල් වරයා බත් එකක් ගෙනැත් දුන්නා. මම ඒක කාලා කූඩුවේ නිදා සිටින විට බත්එක ගෙනැත් දුන්න විත්තිකරු පැමිණ මට ඇහරෙව්වා. ඔහු කූඩුවේ පිටත සිට කිව්වා චූ කරන්න යනවා නම් දැන්ම යන්න කියා. මම කිව්වා චූ බර නැහැ කියලා.
"මම ආයෙත් එනවා කාමරයට එක්කන් යන්න" කියලත් කිව්වා. පාන්දර යාමේ ඔහු පැමිණ කූඩුවේ දොර ඇරලා මා එළියට ගෙන වැසිකිළිය සහිත නාන කාමරයකට එක්කරගෙන මගේ ගුද මාර්ගය පාවිච්චි කරලා මේ අපරාධය සිදුකළා.
දැනුණ වේදනාව නිසා මට සිහි නැති වුණා. සිහිය එනවිට සිටියේ සිද්ධිය වූ ස්ථානයේ බිම ග්‍රාම ආරක්ෂකයන් දෙදෙනෙක් සමඟ. සැකකරු පැමිණ මාව අරන් ගිහින් ආයෙත් කූඩුවට දැම්මා යැයිද පැවසුවා.
පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ අධිනීතිඥ චමින්ද ජයසිංහ මහතා අධිකරණයට කියා සිටියේ චූදිත පොලිස් නිලධාරියෙක්ව සිටින අවස්ථාවේ මේ අපරාධය සිදුකර තිබෙන්නේ සෙරෙප්පු ජෝඩුවක් සොරකම් කිරීම වැනි සුළු අපරාධයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ළමයකු රිමාන්ඩ් කර තිබියදී බවයි.
චෝදනා ලැබූ පොලිස් කොස්තාපල්වරයෙක් එම චෝදනාවට වැරැදිකරු බව තීරණය කළ බදුල්ල මහාධිකරණ විනිසුරු සම්පත් බී. අභයකෝන් මහතා ඔහුට වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් දස දහසක දඩයක් නියම කරමින් අපයෝජනයට ලක්වූ පැමිණිලිකරුට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසටද නියෝග කළේය.
දඩය නොගෙවන්නේ නම් මාස 6ක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක්ද වන්දිය ගෙවීමට අපොහොසත් වුවහොත් දඩයක් ලෙස සලකා මාස 12ක බරපතළ වැඩ සහිත අමතර සිරදඬුවමක්ද නියම කළේය.
මෙසේ දඬුවම් නියම වූයේ මහියංගණය පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් වූ ජයසිංහ පතිරණලාගේ ලලිත් කුමාර නමැත්තකුටය.
රජයේ අධිනීතිඥ චමින්ද ජයසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් පැමිණිලිකරු කියා සිටියේ මේ කරුණු අධිකරණයේ සාක්කි මඟින් ඔප්පු කර ඇති බැවින් විත්තිකරුට උපරිම දඬුවම් ලබාදෙන ලෙසයි.
දඬුවම් නියම කරමින් බදුල්ල මහාධිකරණ විනිසුරු සම්පත් බී අභයකෝන් මහතා පවසා සිටියේ මෙවන් සිදුවීම්වලින් පොලිස් සේවය කෙරෙහි සමස්ත සමාජයේ පවතින විශ්වසනීයත්වය සම්පූර්ණයෙන් බිඳවැටීමට ඉඩ ඇති බවයි.
ඒ කරුණු සැලකිල්ලට ගනිමින් ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදිය යුතුය යන්න තමාගේ තීරණය බවද විනිසුරුවරයා අවධාරණයෙන් කියා සිටියේය.
14 හැවිරිදි පිරිමි ළමයෙකුට ගුද මාර්ගය පාවිච්චි කර ලිංගික අපයෝජනය කල කොස්තාපල්ට වැඩ වරදියි
2013-10-09T08:47:00+05:30
Hot And Fast News
පුවත්|