Ads 468x60px

.

වඳුරන් පිරිසක් යූ ටියුබ් වෙබ් අඩවිය අකි‍්‍රය කල හේතුව ගුගුල්ටත් හොයන්න බැරිවෙයි...


අකී‍්‍රය වීමට හේතුව 
තවම දන්නේ නෑ

ලොව පුරා ජනපි‍්‍රය සාමාජීය වෙබ් අඩවියක් වන යූ ටියුබ් වෙබ් අඩවිය ඊයේ උදෑසන අක‍්‍රීය වී තිබුණා. යූ ටියුබ් වෙබ් අඩවියට පිවිසීමට උත්සහ දැරූ බොහෝ දෙනෙකුට දකින්නට ලැබුණේ එහි  කිසියම් වරදක් සිදු ව ඇති බවට (‘500 internal server error’) තිබෙන සටහනයි.

ඊට අමතරව ‘‘සමාවෙන්න මෙහි කිසියම් වරදක් සිදුව තිබේ. හොඳට පුහුණුව ලැබූ වඳුරන් කණ්ඩායමක් මේ දේ කර ඇත. යම් කෙනෙකු එ් වඳුරන්ගෙන් අයෙක් දුටුව හොත් ඔවුන්ට මේ පණිවිඩය පෙන්වන්න...’’ යනුවෙන් ද සඳහනක්
තිබුණා.

මෙහි තිබෙන ගැටළුව කුමක්දැයි සිතා ගැනීමට නොහැකි වූ යූ ටියුබ් ලෝලීන් ෆේස් බුක්, ට්වීටර් වැනි සමාජීය වෙබ් අඩවිවල යූ ටියුබ් වෙබ් අඩවිය අකී‍්‍රය වී ඇති බවට විවිධ සටහන් පවා තබා
තිබුණා

මේ වන විට එම වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කර ඇති අතර මෙලෙස එක්වරම වෙබ් අඩවිය අකී‍්‍රය වීමට හේතුවක් එහි සඳහන් කර තිබුනේ නෑ.
 
Related Posts with Thumbnails