Ads 468x60px

.

කලිසමේ කකුල් හිර වැඩියි කියා සිසුන්ගේ දනහිස දක්වා කලිසමේ කකුල් ඉරූ විදුහල්පතිනිය


ඈත බස්‌වලින් 
ආ සිසුන්ට 
දැඩි දුෂ්කරතා

කලිසම් කකුල් හිර වැඩි යෑයි පවසා විදුහල්පතිනිය විසින් උසස්‌ පෙළ ඉගෙන ගන්නා සිසුන් 21 දෙනකුගේ දිග කලිසම්වල කකුල් පැලූ සිද්ධියක්‌ පිලිබඳ පුවතක් නාත්තන්ඩිය අධ්‍යාපන කොට්‌ඨාස යේ මහවැව ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ විදුහල්පතිනිය සිසුන්ට කලිසම් තද වැඩි යෑයි දොස්‌ පවරා පසුගිය සිකුරාදා සිසුන්ගේ කලිසම්වල පතුලේ සිට දණහිස තෙක්‌ මැහුම් වාටිය දිගේ පලා ඇති බවයි.


මේ නිසා දුර බැහැර සිට බස්‌වලින් පැමිණෙන සිසුන්ද ආපසු යැමේදී දැඩි අපහසුතාවට පත්ව තිබුණු අතර ඇතැම් සිසුන්ට පාසල් යැම සඳහා
වෙනත් දිග කලිසම් නොමැතිව දුෂ්කරතාවට පත්ව තිබෙනවා. 

පාසල් ගමන අතරමග නතර කිරීමට හෝ වෙනත් ප්‍රශ්න මතුවීමට ඉඩ ඇති හෙයින් පොලිසියට හෝ අදාළ බලධාරීන්ට පැමිණිලි කිරීමට බියෙන් දෙමාපියන් සිද්ධිය යටපත් වීමට ඉඩ හැර තිබෙනවා.
 
Related Posts with Thumbnails