Ads 468x60px

.

ලැගුම්හලකට ගෙන ගොස්‌ රූමත් ශිෂ්‍යාවකට දූෂණය කර වීඩියෝ ගත කළ තරුණයන් හයදෙනා.


පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි රූමත් ශිෂ්‍යාවක්‌ තරුණයන් 6 දෙනකු විසින් දොඩංගොඩ ලැගුම්හලකට රැගෙන ගොස්‌ දූෂණය කර එම දැරිය දූෂණය කරන ආකාරය වීඩියෝගත කර එම වීඩියෝ පට අලෙවි කල පුවතක් කළුතර ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය සම්බන්දයෙන් සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඊයේ (14 දා) දහවල් වන විට එම තරුණයන් 6 දෙනා කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශය හා දොඩන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණු බවයි.

මෙම ශිෂ්‍යාව සිය පෙම්වතා සමඟ සිටින ඡායාරූපයක්‌ ඇයට පෙන්වූ තරුණයන් ඇයව බියගන්වා සිය මිතුරන් සමඟ අවන්හලකට රැගෙන ගොස්‌ දූෂණය කර ඇතැයි ද ඇය තරුණයන් සමඟ ගතකරන ආකාරය

වීඩියෝගත කර ඇතැයි ද පොලිසිය පවසනවා. 

මෙම ශිෂ්‍යාවගේ මව විදේශගත වී ඇති අතර පියා පාසල් බස්‌ රථ රියෑදුරකු වන අතර දැරිය සිය ආච්චිගේ රැකවරණය යටතේ පසුවන බව ද පොලිසිය පවසනවා.

මෙම දැරිය දූෂණය කළ තරුණයන් තිදෙනා අවුරුදු 18 හා 19 වයසේ පසුවන අතර සැකකරුවන් අතර දැරිය හා තරුණයන් එකට ගතකරන නිරුවත් ඡායාරූප ගත් තරුණයා ද ලැගුම්හල් කළමනාකරු ද නිරුවත් වීඩියෝ පට ළඟ තබාගත් තරුණයා ද ඊයේ දහවල් වන විට අත්අඩංගුවට ගෙන තිබුණා.

ලැගුම්හල් හිමියා පොලිසිය මඟහරිමින් සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ කණ්‌ඩායමක්‌ යොදවා ඇතැයි ද පොලිසිය
පවසනවා. මෙම දැරියට සිය මව විසින් පරිගණක ඇතුළු විද්යුත් උපකරණ රැසක්‌ එවා ඇතැයි ද පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වුනා.

අතවරයට ලක්‌ වූ දැරිය වෛද්‍ය ප්‍රතිකාර ලබන අතර සැකකරුවන් ඊයේ මතුගම මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව
තිබුණා.
 
Related Posts with Thumbnails