Ads 468x60px

.

බිරිඳගෙන් පෙම්වතියගෙන් බලා‍පොරොත්තු වන දේ නොලැබූණාම අනියම් සම්බන්ධතා ඇතිවෙනවා.


සමහර අය ආසාවට 
වගේම මුදල් වලට 
රඟපාන්න එනවා
 
- ඊර්ෂ්‍යාවට 
නෙමේයි
කියන්නේ

එදා වගේම අදත් අමිල අබේසේකරට ලැබෙන ජනප්‍රියත්වය අඩුවෙලා නෑ. ඒ නිසාම අපි අමිලගේ අලුත් තොරතුරු දැනගන්න අපේ සුපුරුදු කතාබහට ඔහුව එකතු කරගත්තේ මෙහෙමයි.

අමිල කොහොමද මේ දවස්වල ජීවිතේ ?
ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ ටෙලිනාට්‍ය තුනක වැඩභාරගෙන නිසා.

අමිල අබේසේකර ආඩම්බර චරිතයක් කියන්නේ ඇත්තක්ද?
අනේ නෑ. මගේ කිසිම ආඩම්බරකමක් නෑ. සමහර අවස්ථාවලදී අසාධාරණයට විරුද්ධව කතාකරන නිසා ගොඩක් අය කියනවා මම හරිම පණ්ඩිතයි කියලා.

කලා ක්‍ෂේත්‍රයේ විවාහය සිදුවුණාට දික්කසාද වීම වැඩිවෙලා තියෙනවා?
රංගන ක්‍ෂේත්‍රයේ විතරක් සමාජයේ සාමාන්‍ය පවුල්වල ඔය වගේ දේවල් වෙනවා. ජනප්‍රියත්වය නිසා තමයි ක්‍ෂේත්‍රයේ සිදුවන දික්කසාද වීම් වලට ලොකු ප්‍රචාරයක් ලැබෙන්නේ. සාමාන්‍ය මිනිස්සුම තමයි නළු නිළියෝ කියන්නෙත්. ඒ අයටත් නොගැළපීම් තියෙනවා. ඒ නිසා දික්කසාද වෙනවා.

කලා ක්‍ෂේත්‍රයේ අනියම් සම්බන්ධතා ඇතිවෙන්නේ ඇයි ?
ඒ දේත් සමාජයට ‍පොදු දෙයක්. තමන්ට බිරිඳගෙන් සැමියාගෙන් පෙම්වතියගෙන් පෙම්වතාගෙන් තමන් බලා‍පොරොත්තු වන දේ

ලැබෙන්නේ නැතිවුණාම එහෙම සම්බන්ධතා ඇතිවෙනවා. ඒකෙන් හොඳ වගේම නරකත් තියෙනවා. ඒ නිසා මුලදිම අපි දැනගන්න ඕන අපිට ගැළපෙන සහකරුවා සහකාරියව තෝරාගන්න.

අද ක්‍ෂේත්‍රයට එකතුවන අය මුදල් පරමාර්ථයෙන් වෙනත් පැතිවලටත් යොමුවෙනවා නේද?
ඒක නැහැ කියන්නේ නෑ. ඇත්තටම ඒක රංගනයට වෙලා තියෙන ඛිෙදවාචකයක්. අපි ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු 15 - 16ක් වෙනවා. අපි ගොඩක් දුක් මහන්සි වුණා. අපිට වටිනාකමක් හදාගන්න. ඒත් අද සමහර කාන්තාවන් යම් යම් දේවල් පරමාර්ථයෙන් රඟපාන්න එනවා. 


ආසාවට වගේම මුදල්වලට වෙන්නත් පුළුවන්. එක ටෙලිනාට්‍ය දෙකක රඟපාලා නැතිව ගියත් ඒ අයට යානවාහන ගෙවල් දොරවල් පවා හදාගන්න මුදල් ලැබෙනවා. ඊර්ෂ්‍යාවට නෙමේ කියන්නේ  ඒ දේට මේ ක්‍ෂේත්‍රයේම ඉන්න සමහර මිනිස්සුම වග කියන්න ඕන. 

ඒ අයගේ වුවමනා එපාකම්වලට කට්ටියට අරගෙන ‍පොඩි චරිතයක් දෙකක් රඟපෑවාම. ඒ අය එළියට ගියාම කරන්නේ වෙන වෙන වැරදි ව්‍යාපාරවලට යොමුවෙන එක. මේ සිදුවෙලා තියෙන ඛිෙදවාචකය නිසා අපේ රංගන ශිල්පීන්ට වෙන්නේ කැළලක් 

එදා වගේම තාමත් ගැහැනු ළමයින්ගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබෙනවා නේද?
ඔව් ඒ ප්‍රතිචාරවලින් නම් තාම අඩුවක් නෑ.

පසුගිය දිනවල අමිලට එල්ලවුණු චෝදනා නිසා ප්‍රතිරූපයට හානි වුණේ නැද්ද?
මට කිසිම හානියක් වුණේ නෑ. ඒ චෝදනා සුනාමියක් වගේ ඇවිත් ගියා.


හරියටම අමිල අබේසේකර විවාහ වෙලා වසර කීයක් වෙනවාද?
අවුරුදු 10ක් වෙනවා 2010 දී අපේ විවාහ උත්සවය ගත්තට අපි විවාහය ලියාපදිංචි කළේ 2004 වර්ෂයේදී. ඒ නිසා විවාහයට වසර 10ක් වෙනවා කීවොත් හරි.

කාර්යබහුල ජීවිතයක් එක්ක විවාහය කියන බැඳීම කොහොමද ශක්තිමත්ව පවත්වාගෙන යන්නේ?
ලංකාවේ ජීවත් වන දෙන්නෙක්ට වඩා අපේ බැඳීම ශක්තිමත් කීවොත් හරි. අපි උදේ හවස කතාබහ කරනවා. දුක සැප හොයලා බලනවා. ඒ වගේම මට නිවාඩු ලැබුණු ගමන්ම මම තේජාව බලන්න යනවා. සමහර වෙලාවට ගෙදර අයවත් දන්නෑ මම ඩුබායි යනවා කියලා. එයත් නිවාඩු ලැබුණු ගමන්ම ලංකාවට එනවා.

තේජා කැමැති නැද්ද රැකියාවෙන් ඉවත් වෙන්න.?
එයා නම් උඩින්ම කැමැතියි. ඒත් එයාට පසුගිය දවස්වල උසස්වීම් කිහිපයක් ලැබුණා එයාගේ රැකියාවේ. ඒ නිසා මම කිව්වා තව අවුරුද්දක් දෙකක් රැකියාව කරන්න කියලා. ඊට පස්සේ තේජා දිගටම මාත් එක්ක ඉඳීවි.

අමිලට රංගනයෙන් ලැබෙන මුදල් ප්‍රමාණවත්ද?
ෙදෙනික ජීවිතයේ වැඩකර ගන්න ප්‍රමාණවත්. මම කියන්නේ නෑ සම්පූර්ණයෙන්ම ඒ මුදල් ජීවත් වෙන්න ප්‍රමාණවත් කියලා. ඒ නිසා වෙනත් දෙයක් කරන්න වෙනවා.

ව්‍යාපාර ක්‍ෂේත්‍රයට යොමුවෙන්න අදහසක් තියෙනවාද?
එහෙම බලා‍පොරොත්තුවක් තියෙනවා. මම ආගමට දහමට ළැදි කෙනෙක් නිසා මගේ හොඳ කා‍ලේ ලැබුවහම මම ව්‍යාපාර පැත්තට යොමු වෙනවා.
 
Related Posts with Thumbnails