Ads 468x60px

.

යූ ටියුබ් උපරිම සීමාව බිලියන 2 ඉක්මවූ ගංගම් ස්ටයිල් ගීතයෙන් අපූරු ලෝක වාර්තාවක් (වීඩියෝ)


දකුණු කොරියානු ජනපි‍්‍රය ගායක ප්සයි විසින් ගායනා කරන ලද ‘‘ගංගම් ස්ටයිල් ගීතය’’ අපූරු ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ, යූ ටියුබ් වෙබ් අඩවිය ඔස්සේ කිසියම් වීඩියෝවක් නැරඹිය හැකි උපරිම සීමාවද ඉක්මවා යමින්.

ඊයේ වනවිට ‘‘ගංගම් ස්ටයිල් ගීතය’’ යූ ටියුබ් ඔස්සේ නරඹා තිබූ සංඛ්‍යාව බිලියන 2.15 කට අධිකයි. කෙසේවෙතත් ඊයේ වනතුරු යූ ටියුබ් ඔස්සේ කිසියම් වීඩියෝවක් නැරඹිය හැකි උපරිම සීමාව වූයේ බිලියන 2 ක්.

මෙම තත්ත්වයත් සමග යූ ටියුබ් හිමිකරුවන්ට සිදුවී ඇත්තේ එහි උපරිම සීමාව ඉහළ දැමීමටයි. ඒ අනුව එහි නව උපරිම සීමාව ලෙස ඉලක්කම්

19 කින් යුත් නව සංඛ්‍යාවක් හදුන්වාදීමටද කටයුතු යොදා තිබෙනවා.

පහත දැක්වෙන සබැඳියෙන් යුටියුබ් වෙත ගොස් "යු ටියුබ් View Count එක අසලට මූසිකය තැබීමෙන් අපුරු වෙනස් කමක්ද දැකගත හැකිවේ.

https://www.youtube.com/watch?v=9bZkp7q19f0

 
Related Posts with Thumbnails